[Watch in 4K — Recommended Resolution.]


238. පුණ්‍ය ප්‍රාර්ථනා (උතුම් පැතුම්/පිං පැතුම්) වෙනස්/අහෝසි කළ හැකි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q1. පිනක්/කුසලයක් කොට, සිදුකරන ලද ප්‍රාර්ථනා අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට හැකි ද?

A1. එසේ කිරීමට අවශ්‍ය (ම) නම්, අදාළ කුසලය වඩා සිල්වත් (ධාර්මික) භාවයක පිහිටා, පෙරට වඩා නුවණින් (වරක් හෝ) කිහිප වරක් හෝ නැවත නැවත හෝ කොට, පෙරට වඩා නුවණ/ප්‍රඥා පෙරදැරිව පැතුම් පැතිය යුතු බව කිව හැකිය.

Q2. එසේ ඉහත පරිදි (බර කොට) පතා, ස්ථිර කරන ලද ප්‍රාර්ථනා නැවතත් (තවත් වරක් හෝ වරින් වර) අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට හැකි ද?

A2. හැක; එයට ද අනුගමනය කළ යුත්තේ ඉහත ක්‍රම වේදය ම ය.

පැහැදිළි කිරීම: පිනක්/කුසලයක් සිදුකිරීම යනු එක්තරා (චිත්ත) ශක්ති (බල / බලවේග) විශේෂයක් ජනනය කිරීම ය (ඉපැද්ද වීම ය). ප්‍රර්ථනාවලින් කරනුයේ එම ශක්තිවල ඵල (විපාක/ආනිශංස) තමාට අවශ්‍ය පරිදි හැඩවැඩ කරවා (නම්මවා/හැඩ ගස්සවා) ගැනීම ය.

සාමාන්‍යයෙන්, රූපාවචර - අරූපාවචර ධ්‍යාන කුසල් සහ ආන්තරීය පාප කර්ම පහ හා නියත මිථ්‍යාදෘෂ්ටිය හැර, අනෙකුත් චිත්ත ශකීන්ගේ ප්‍රතිඵල ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට හැක. ඒ සඳහා කළ යුත්තේ, එය පිනක්/කුසලයක්/ප්‍රාර්ථනාවක් නම්, ප්‍රඥාවෙන් හා බලවත්ව කිරීම; නැවත නැවත කිරීම; කළ පින්/කුසල්/කුසල ප්‍රාර්ථනා නැවත නැවත මෙනෙහි කිරීම ය. පවක්/අකුසලයක් නම්, ප්‍රඥාවෙන් හා බලවත්ව නො කිරීම; නැවත නැවත වැළකීම; ඊට ප්‍රතිවිරුද්ධ පින(පිං)/කුසලය(කුසල්) ප්‍රඥාවෙන් හා බලවත්ව කිරීම; නැවත නැවත කිරීම; කළ පව්/අකුසල්/අකුසල ප්‍රාර්ථනා නැවත නැවත මෙනෙහි නො කිරීම හා ඒවා ගැන පසුතැවිලි නොවීම ය. 

එනම්, ඉහත ම ක්‍රමවේදය ම අනුගමනය කිරීම නොහොත් ස්ථිර කළ ප්‍රාර්ථනාව දුර්වල කිරීම හා අලුත් ප්‍රාර්ථනාව ශක්තිමත් කිරීමය. මේ අයුරින් ප්‍රාර්ථනාවක් (අදාළ කුසලය/පින කොට,) නැවත හෝ කිහිප වරක් හෝ නැවත නැවත හෝ ඕනෑම විටෙක ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට හැක.

["පිනක්/කුසලයක්/ප්‍රාර්ථනාවක් නම්, ප්‍රඥාවෙන් හා බලවත්ව කිරීම; නැවත නැවත කිරීම; කළ පින්/කුසල්/කුසල ප්‍රාර්ථනා නැවත නැවත මෙනෙහි කිරීම ය. පවක්/අකුසලයක් නම්, ප්‍රඥාවෙන් හා බලවත්ව නො කිරීම; නැවත නැවත වැළකීම; ඊට ප්‍රතිවිරුද්ධ පින(පිං)/කුසලය(කුසල්) ප්‍රඥාවෙන් හා බලවත්ව කිරීම; නැවත නැවත කිරීම; කළ පව්/අකුසල්/අකුසල ප්‍රාර්ථනා නැවත නැවත මෙනෙහි නො කිරීම හා ඒවා ගැන පසුතැවිලි නොවීම" - මෙම ක්‍රමවේදය ඕනෑම පිනක්/කුසලයක්/ප්‍රාර්ථනාවක් ආදිය සඳහා අදාළ වේ.]

Q3. තමන්ගේ (හිතේ) අකමැත්තෙන් කෙරෙන ප්‍රාර්ථනාත් ඉටු වෙනවා ද?

A3. සාඵල්‍යතාව (සඵල වීමේ හැකියාව) ගැන කතා කරන්නේ නම්, පිනක්/කුසලයක් කොට සිදුකරන ප්‍රාර්ථනා හා තමාගේ (සිතේ) කැමැත්තෙන් කරන ප්‍රාර්ථනා ඉෂ්ට වීමේ සම්භාවිතාව (හැකියාව) ඉහළයි/වැඩියි. අනෙක් අතට, එසේ නොවන (තමාගේ සිතේ අකැමැත්තෙන් කෙරෙන) ඒවා ඉෂ්ට වීමේ සම්භාවිතාවය පහළයි/අඩුයි.

කෙසේ වෙතත්, තමාගේ පාලනයකින් තොරව සිතුවිලි පහළ වන්නේ නම්, ආනාපානසති භාවනාව යෝජනා කරන අතර, මෙම ලිපිය කියවා එහි අන්තර්ගත ක්‍රමවේද අත්හදා බලන/වෙත යොමුවෙන ලෙස ද යෝජනා කරනවා. 

👉 පිළිතුරු සඳහා (ඔබට) උපකාරක, ආශ්‍රිත හා වැඩිදුර කියවන්න:

[ලෝණ ඵල සූත්‍රය: https://pitaka.lk/main?n=28199&p=101 ... ↓ ...]

# සෑම පිනකින් ම සෑම විපාකයක් (ආනිශංසයක්) ම නොලැබේ (අදාළ කර්මය කළ යුතුය).


# ප්‍රාර්ථනා කිරීමේ අවශ්‍යතාවය කර්ම විපාක (ආනිශංස) තමාට අවශ්‍ය පරිදි ලබා ගැනීමටය.
# නොමනා ලෙස නුනුවණින් කරන ප්‍රාර්ථනා අවැඩදායි වේ.
(නුවණ/ප්‍රඥා පෙරදැරිව පැතුම් පැතිය යුතුය.)


# ප්‍රාර්ථනා (පැතුම් ) ඉටු වීමට සිල්වත් (ධාර්මික) බව ප්‍රබල සාධකයකි; දුසිල්වතාගේ ප්‍රාර්ථනා ද ඇතැම් විට ඉටු වේ.


# කර්ම විපාක විෂය අචින්ත්‍යය; එ මෙන් ම "අහෝසි කර්ම" වීම ද එසේ ම ය.



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll