[Watch in 4K — Recommended Resolution.]


212. "පඤ්ඤා නරානං රතනං" යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පඤ්ඤා නරායන රතනං යන අර්ථය කුමක්ද?

A. {රතන = මැණික; උතුම් දෙය; රත්නය; වටිනා දෙය.}

# “මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්‍ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”

‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති."


# "ජරාව තෙක් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. මිනිසුන්ට ප්‍රඥාව රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ."

"සීලං යාව ජරා සාධු සද‍්ධා සාධු පතිට‍්ඨිතා,
පඤ‍්ඤා නරානං රතනං පුඤ‍්ඤං චොරෙහි දූහරන‍්ති."

# "මෙහි දුර්ලභ ලෙස පහළ වීමේ අර්ථයෙන් ප්‍රඥාරතනය යි කියන ලදි. පුඤ්ඤං පුණ්‍ය චේතනා ය. එය රූප (ශරීර) නො වන බැවින් පැහැර ගෙන යාමට නො හැක්කේ යි.

ඉධ පන දුල‍්ලභපාතුභාවට‍්ඨෙන පඤ‍්ඤා “රතන”න‍්ති වුත‍්තං. පුඤ‍්ඤන‍්ති පුඤ‍්ඤචෙතනා, සා හි අරූපත‍්තා පරිහරිතුං න සක‍්කාති."


# සෝවහන් ආදී සතර මාර්ගයේ දී යෙදෙන ප්‍රඥාව දුර්ලභ බැවින් "ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ" යනුවෙන් යෙදෙන බව පෙනේ.

"අරියමග්ගපඤ්ඤායෙව ඉධ අධිප්පෙතාති “ඉධ පන දුල්ලභපාතුභාවට්ඨෙන පඤ්ඤා ‘රතන’න්ති වුත්ත”න්ති ආහ."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll