[Watch in 4K — Recommended Resolution.]


60. තුන් ලොව යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තුන් ලොව යනු කුමක්ද?

A. “සත්ත්වලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝක තුනකි. ඒවා අතරින් පරම්පරා වශයෙන් පවත්නා වූ ඉන්‍ද්‍රියබද්ධ වූ රූප ධර්මයන්ගේ ද අරූප ධර්මයන්ගේ ද රූප අරූප ධර්මයන්ගේ ද සමූහය සත්ත්වලෝකයයි. පෘථිවිය පර්වත ආදී ප්‍රභේද ඇත්තේ අවකාශ ලෝකයයි. ඒ ලෝක දෙකෙහිම ස්කන්ධයන් සංස්කාර ලෝකයයි.”

“ලෝක යනු ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, විපත්තිභව ලෝකය, විපත්ති සම්භව ලෝකය, සම්පත්ති භවලෝකය, සම්පති සම්භව ලෝකයයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති යනු එක් ලෝකයකි. නාමය ද රූපය ද ලෝක දෙකකි. තුන් වේදනාව ලෝක තුනකි. ආහාර සතර ලෝක සතරකි. පංචඋපාදානස්කන්ධය ලෝක පහකි. ආධ්‍යාත්මික ආයතන හය ලෝක හයකි. විඤ්ඤාණට්ඨිති හත ලෝක හතකි. අෂ්ට ලෝක ධර්මය ලෝක අටකි. සත්වාවාස නවය ලෝක නවයකි. ආයතන දහය ලෝක දහයකි. ආයතන දොළස ලෝක දොළසකි. ධාතු දහඅටක ලෝක දහඅටකි”

“ඒකාන්තයෙන්ම යමක් කැඩෙයි ද බිඳෙයි ද එය ලෝකයයි. උපාදාන ස්කන්ධයන්හිම ලෝක ශබ්දය ආරෝපණය කරන ලද්දේ යයි දතයුතුය. එහෙයින් ලොකො යනු දුක්ඛ ආර්ය සත්‍යයමය.”

["අපි ච තයො ලොකා – සඞ්ඛාරලොකො, සත්තලොකො, ඔකාසලොකොති. තත්ථ සඞ්ඛාරලොකො නාම පටිච්චසමුප්පන්නා පථවිආදයො ධම්මා. සත්තලොකො නාම සඤ්ඤිනො අසඤ්ඤිනො නෙවසඤ්ඤිනාසඤ්ඤිනො ච සත්තා. ඔකාසලොකො නාම සත්තානං නිවාසට්ඨානං. ඉමෙ පන තයොපි ලොකා භගවතා යථාසභාවතො විදිතා, තස්මා ලොකවිදූති වුච්චති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll