76. විදර්ශනා භාවනා අරමුණු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විපස්සණාවෙ  අරමුණ කුමක්ද ? ප්‍රඤ්ඤත්ති ම්‍රිශ්‍ර විදර්ශණාව යනු  කුමක්දැයි ? පැහැදිළි කරදෙන්න.

A. “එහි විපස්සනා කවර යත්:
එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් සංලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් (අනිත්‍යාදි) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පෘථුලප්‍රඥායෙක් මෙධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතොදප්‍රඥායෙක් ප්‍රඥෙන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මෝ ‘විපස්සනා’ යයි කියනු ලබත්.”

A. විදර්ශනාවේ අරමුණ ‘නිවන් දැකීම’ යි. “එහි විපස්සනා කවර යත් : ස්කන්‍ධයන්හි හෝ ධාතූන්හි ආයතනයන්හි – නාමරූපයෙහි – පටිච්චසමුප්පාදයෙහි – පටිච්චසමුප්පන්නධර්‍මයන්හි – දුක්ඛසත්‍යයෙහි – සමුදයසත්‍යයෙහි – නිරොධසත්‍යයෙහි – මාර්‍ගසත්‍යයෙහි – කුශලාකුශලධර්‍මයන්හි – සාවද්‍යානවද්‍යධර්‍මයන්හි කෘෂ්ණශුක්ලධර්‍මයන්හි – සෙවිතව්‍යාසෙවිතව්‍යයෙහි හෝ යථාභූත ව යම් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් වීමංසායෙක් පරිවීමංසායෙක් ගැනීමෙක් වෙසෙසින් ගැනීමෙක් හාත්පසින් ගැනීමෙක් සිතින් හාත්පසින් සිතීමක් තුලනයක් පරීක්‍ෂාවක්, ඥානයක් විද්‍යාවක් නුවණැසක් බුද්ධියක් මෙධායෙක් ප්‍රඥාවක් අවභාසයෙක් ආලොකයෙක් ආභායෙක්, ප්‍රහායෙක් ප්‍රඥාබඞ්ගයෙක් ප්‍රඥා නමැති හීයෙක් ධම්මව්වයසම්බොධ්‍යඞ්ගයෙක් සම්මාදිට්ඨියක් මාර්‍ගාඞ්ගයෙක් වේ ද මේ විපස්සනා යි.

කවර කරුණෙකින් ‘මේ විපස්සනා’ යී කියනු ලැබේ ද යත්: (අනිත්‍යාදි විසින්) විවිධාකාරයෙන් දකී නුයි එකරුණෙන් මේ ‘විපස්සනා’ යි කියනු ලැබේ. තවද මේ විදර්‍ශනාව දෙවැදෑරුම් වන්නීය: (ධම්මවිපස්සනාති ... ?)

මේ විදර්‍ශනාඥානයෙන් දෙපරිද්දෙකින් දකී : ශුභ–අශුභ, කෘෂ්ණ–ශුක්ල, සේවිතව්‍ය–අසෙවිතව්‍ය, කර්‍ම–විපාක, බන්‍ධන–විමොක්‍ෂ, ආචය–අපචය, ප්‍රවෘත්ති–නිවෘත්ති සංක්ලෙශ–ව්‍යවදාන දැයි මෙසේ දෙපරිද්දෙකින් දකී නුයි ‘විපස්සනා’ යී කියනු ලැබේ. නොහොත් ‘වි’ යනු උපසර්‍ග යැ, (විවිධාකාරයෙන්) දැකීම යැ යන අර්‍ත්‍ථ යි. එහෙයින් විපස්සනා' යී කියනු ලැබේ. මේ ‘විපස්සනා’ යි.”

A. විදර්ශනා අරමුණු: “විදර්ශනා ඥානය සඳහා භාවනා කරන යෝගී පුද්ගලයා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක අතුරෙන් පරමාර්ථ නාම රූප ධර්මයන් ම මෙනෙහි කළ යුතු ය. ප්‍රඥප්තිය මෙනෙහි නොකළ යුතු ය. පරමාර්ථ නාම රූපයන් අතුරෙන් ද ලෞකික ධර්මයන් පමණක් මෙනෙහි කළ යුතු ය. ලෝකෝත්තර ධර්ම මෙනෙහි නොකළ යුතු ය. කුමක් හෙයින් ද යත්? ලොකොත්තර ධර්ම නුපදවා ගත් බැවිනි. පෘථග්ජනයාහට ඒ ලෝකෝත්තර ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් වැටහෙන්නේ නැත. ආර්යය පුද්ගලයන්ට ඒ ලෝකෝත්තර ධර්ම ඇති සැටියෙන් දත හැකි වුවත් එය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. එය එසේ මැ යි. ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයන් කෙරෙහි පවත්නා නිත්‍ය ය, සැපය, ආත්ම ය යන වැරදි හැඟීම දුරු කළ හැකි ය. ලෝකෝත්තර ධර්මයන් තුළ වනාහි එවැනි කෙලෙස් උපදින ගතියක් නැත. ඒ නිසා ලෝකෝත්තර ධර්මයන් මෙනෙහි කළ නමුත් ක්ලේශ ප්‍රහානයක් නො වන්නේ ය. එහෙයින් “අනධි ගතත්තා” ය යි විසුද්ධිමග්ගයෙහි කියන ලදී. පෘථග්ජනයා විසින් ලෝකෝත්තර ධර්‍ම උපදවා නොගත් බැවින් එය මෙනෙහි නොකළ යුතුය යන අදහස යි. දික්සඟි මහාවග්ග අටුවාවෙහි ද “අවිසයත්තා, විසයත්තෙපි ච ඵලාභාවතො” ය යි කියන ලදී. පෘථග්ජනයාහට ලොවුතුරු දහම් අරමුණු නොකළ හැකි බැවින් ද, ආර්ය පුද්ගලයාහට එය අරමුණු කළ හැකි වුවත්, එයින් වැඩක් නොවන නිසා ද මෙනෙහි නො කළ යුතුය යනු එහි තේරුම යි.”

[T. "වුට්ඨානගාමිනියාති සඞ්ඛාරාරම්මණාය වුට්ඨානගාමිනියා ¶ විපස්සනාය. පරියොසානන්ති පුරිමා කොටි. සඞ්ඛාරාරම්මණවිපස්සනාසු හි අයං විසෙසතො වුට්ඨානගාමිනිවිපස්සනාති. අසඞ්ඛතාරම්මණං පන සබ්බෙන සබ්බං අරියමග්ගසඞ්ඛාතං වුට්ඨානං ගච්ඡති උපෙතීති. තතොපි හි විසෙසතො “වුට්ඨානගාමිනිවිපස්සනා”ති වත්තබ්බතං ලභතීති ආහ “ඤෙය්‍යං සබ්බප්පකාරෙනා”තිආදි.

"එවං අධිගතසඞ්ඛාරුපෙක්ඛස්ස කුලපුත්තස්ස විපස්සනා සිඛාප්පත්තා හොති. වුට්ඨානගාමිනිවිපස්සනාති එතදෙව."
https://tipitaka.app/?a=jo2-4-si – Chul.Nidd.Att – 99P

"වුට්ඨානගාමිනී පන විපස්සනා කිමාරම්මණාති? ලක්ඛණාරම්මණාති. ලක්ඛණං නාම පඤ්ඤත්තිගතිකං න වත්තබ්බධම්මභූතං. යො පන අනිච්චං දුක්ඛමනත්තාති තීණි ලක්ඛණානි සල්ලක්ඛෙති, තස්ස පඤ්චක්ඛන්ධා කණ්ඨෙ බද්ධකුණපං විය හොන්ති. සඞ්ඛාරාරම්මණමෙව ඤාණං සඞ්ඛාරතො වුට්ඨාති. යථා හි එකො භික්ඛු පත්තං කිණිතුකාමො පත්තවාණිජෙන පත්තං ආභතං දිස්වා හට්ඨපහට්ඨො ගණ්හිස්සාමීති චින්තෙත්වා වීමංසමානො තීණි ඡිද්දානි පස්සෙය්‍ය, සො න ඡිද්දෙසු නිරාලයො හොති, පත්තෙ පන නිරාලයො හොති; එවමෙව තීණි ලක්ඛණානි සල්ලක්ඛෙත්වා සඞ්ඛාරෙසු නිරාලයො හොති. සඞ්ඛාරාරම්මණෙනෙව ඤාණෙන සඞ්ඛාරතො වුට්ඨාතීති වෙදිතබ්බං. දුස්සොපමායපි එසෙව නයො."
https://tipitaka.app/?a=4a2-841-si – Dha.Sang.Att. – 281P

"එත්ථ ච භූමියා භූමිලද්ධස්ස ච නානත්තං වෙදිතබ්බං – භූමීති හි විපස්සනාය ආරම්මණභූතා තෙභූමකා පඤ්චක්ඛන්ධා. භූමිලද්ධං නාම තෙසු ඛන්ධෙසු උප්පත්තිරහං කිලෙසජාතං. තෙන හි සා භූමිලද්ධා නාම හොතීති තස්මා භූමිලද්ධන්ති වුච්චති. සා ච ඛො න ආරම්මණවසෙන. ආරම්මණවසෙන හි සබ්බෙපි අතීතානාගතෙ පරිඤ්ඤාතෙපි ච ඛීණාසවානං ඛන්ධෙ ආරබ්භ කිලෙසා උප්පජ්ජන්ති. යදි ච තං භූමිලද්ධං නාම සියා, තස්ස අප්පහෙය්‍යතො න කොචි භවමූලං පජහෙය්‍ය. වත්ථුවසෙන පන භූමිලද්ධං වෙදිතබ්බං. යත්ථ යත්ථ ¶ හි විපස්සනාය අපරිඤ්ඤාතා ඛන්ධා උප්පජ්ජන්ති, තත්ථ තත්ථ උප්පාදතො පභුති තෙසු වට්ටමූලං කිලෙසජාතං අනුසෙති. තං අප්පහීනට්ඨෙන භූමිලද්ධන්ති වෙදිතබ්බං."
https://tipitaka.app/?a=jp1-603-si – Pati.S.M.Att – 170P [Wrong Trans.]

“භූමීති විපස්සනාය ආරම්මණභූතා තෙභූමකා පඤ්චක්ඛන්ධා. භූමිලද්ධං නාම තෙසු ඛන්ධෙසු උප්පත්තිරහං කිලෙසජාතං. තෙන හි සා භූමිලද්ධා නාම හොති, තස්මා භූමිලද්ධන්ති වුච්චති, සා ච ඛො න ආරම්මණවසෙන. ආරම්මණවසෙන හි සබ්බෙපි අතීතානාගතෙ පරිඤ්ඤාතෙපි ච ඛීණාසවානං ඛන්ධෙ ආරබ්භ කිලෙසා උප්පජ්ජන්ති මහාකච්චානඋප්පලවණ්ණාදීනං ඛන්ධෙ ආරබ්භ සොරෙය්‍යසෙට්ඨිනන්දමාණවකාදීනං විය. යදි ච තං භූමිලද්ධං නාම සියා, තස්ස අප්පහෙය්‍යතො න කොචි භවමූලං පජහෙය්‍ය, වත්ථුවසෙන පන භූමිලද්ධං වෙදිතබ්බං. යත්ථ යත්ථ හි විපස්සනාය අපරිඤ්ඤාතා ඛන්ධා උප්පජ්ජන්ති, තත්ථ තත්ථ උප්පාදතො පභුති තෙසු වට්ටමූලං කිලෙසජාතං අනුසෙති. තං අප්පහීනට්ඨෙන භූමිලද්ධන්ති වෙදිතබ්බ”න්තිආදි."

විදර්ශනාවේ අරමුණු

වුට්ඨානගාමිනී

"විපස්සනාති මග්ගසම්පයුත්තා විවිධාකාරෙන පස්සනා පඤ්ඤාව."

"පඤ්චක්ඛන්ධාති පඤ්චුපාදානක්ඛන්ධා."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll