[Watch in 4K — Recommended Resolution.]


239. දෙන්ඩ ද? එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුදහමේ දෙන්න එපා කියලා සඳහන් වෙන්නේ කොතැනද?

A. එය වෙනත් අර්ථයක් ඇති කතාවකි; පහත මූලාශ්‍රය කියවා බලන්න.

S. # "යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී."

["යම්පි තෙන “යෙ දදන්ති, තෙසංයෙව දාතබ්බ”න්ති වුත්තං, තං “යාචිතකං උපකරණං ගහෙත්වා යෙ පටිදදන්ති, තෙසංයෙව දාතබ්බ”න්ති සන්ධාය වුත්තං."]

# "‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී."

["“යෙ න දදන්තී”ති ඉදම්පි යාචිතකං උපකරණං ගහෙත්වා යෙ න පටිදදන්ති, තෙසං න දාතබ්බන්ති සන්ධාය වුත්තං."]

# "දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී."

["“දදන්තස්සපි අදදන්තස්සපි දාතබ්බ”න්ති ¶, ඉදං පන දුග්ගතෙසු ඤාතිමිත්තෙසු සම්පත්තෙසු පටිදාතුං සක්කොන්තු වා මා වා, දාතුමෙව වට්ටතීති සන්ධාය වුත්තං."]

S. “පුතණ්ඩ! කුලගෙයි වසන්නා වූ ස්ත්රීි නම් ශික්ෂිත ව වාසය කළ මැනැව, නැදිමයිලෝ නම් මඳ අවකාශයක් දුටු කල ත් අපට ම නින්දා කෙරෙති, එසේ හෙයින්; ඇතුළෙන් ගිනි පිටතට නො යව ව, පිටතින් ගිනි ඇතුළට නොගනු ව, දෙන්නන්ට ත් දෙව, නො දෙන්නන්ට ත් නො දෙව, දෙන්නන්ට ත් නො දෙන්නන්ට ත් දෙව, සුවයෙන් හිඳුව, සු‍වයෙන් සැතපෙව, සුවයෙන් ම හිඳ කව, ගිනි පිරිමසව, ඇතුළු ගෙයි දෛවියන් පුදව”

[“අම්ම සසුරකුලෙ වසන්තියා නාම අන්තොඅග්ගි බහි න නීහරිතබ්බො, බහිඅග්ගි අන්තො න පවෙසෙතබ්බො, දදන්තස්සෙව දාතබ්බං, අදදන්තස්ස න දාතබ්බං, දදන්තස්සපි අදදන්තස්සපි දාතබ්බං, සුඛං නිසීදිතබ්බං, සුඛං පරිභුඤ්ජිතබ්බං, සුඛං නිපජ්ජිතබ්බං, අග්ගි පරිචරිතබ්බො, අන්තොදෙවතා නමස්සිතබ්බා”ති.]



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll