142. සතිපට්ඨාන නිවැරදිව වඩන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මට සතිපට්ටනය නිවරාදිව වඩන හැටි කියල දෙන්න පුලුවන්ද? භාවනාව පටන් ගන්න ආකාරය.

A. 1. සතිපට්ඨාන සූත්‍රය හා එහි අටුවාව හොඳින් කියවා සිටින්න.

2. මේ පොත ද හොඳින් කියවන්න - https://pitaka.lk/books/satipattana-vipassana/index.html

3. මේ පොත ද හොඳින් කියවා, ඒ අනුව මැනවින් භාවනා කරන්න - https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/index.html


{T. මුලින් ම සමථ භාවනාව වඩා විදර්ශනා භාවනාව වඩනවා ද, සමථ භාවනාව හා විදර්ශනා භාවනාව දෙකම එකට වඩනවාද, විදර්ශනා භාවනාව පමණක්ම වඩනවා ද යන්න තීරණය කරන්න.

කුමන සතිපට්ඨානය ප්‍රධානව වැඩුවත්, කුමන ක්‍රමයකින් අරමුණු හඳුනා ගත්තත්, අවසානයේ දී සත්ත්ව-පුද්ගල-මම කියන දැකීම නැති වී යන විදිහට කරන තැනට නාභිගත වෙලා තියෙන්න ඕනා.

[කලබල නොවී ඉහත 1-2-3 කියවා බලන්න - සතිපට්ඨාන සූත්‍රය හා එහි අටුවාවවත් හොඳින් කියවා සිටින්න.]}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll