250. බුද්ධානුසාසනං ද? බුද්ධානසාසනං ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සබ්බ පාපස්ස ගාථාවේ හරි බුද්ධානුසාසනංද? බුද්ධාසාසනංද?

A. “සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා;
සචිත්තපරියොදාපනං, එතං බුද්ධාසාසනං”.



# “සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා;
සචිත්තපරියොදාපනං, එතං බුද්ධා සාසන”න්ති.



# "සියලු පව් නොකරනු ද, කුසල් උපදවනු හා වඩනු ද, සිය සිත පිරිසිදු කරනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන ය."


# "සියලු අකුශලය නො ඉපදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) සිය සිත්සතන් පිවිතුරු කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි."


# "(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි)."


T. බුද්ධානං, ධම්මානං, සංඝානං ... ලෙස මිස, පාළි භාෂාවෙහි බුද්ධානු ආදී ලෙස නාම විභක්ති (මෙහිදී ෂෂ්ඨි/සම්බන්ධ/ඡට්ඨි විභක්තිය) වර නැගෙන්නේ ද නැත.

බුද්ධානං + සාසනං, යන පද දෙකෙහි මුල් පදයේ බිංදුව (නිග්ගහීතය) ලොප් වී බුද්ධානසාසනං යන පදය සෑදී ඇත.

S. "බුද්ධානං සාසනං, සං රාගොතීහ –
“බ්‍යඤ්ජනෙ චෙ”ති බින්දුලොපො, බුද්ධානසාසනං. දීඝෙසාරාගො."



["සරං බුද්ධාන-සාසනන්ති බුද්ධානං සාසනං සරන්තෙන."

# "දෙවෙනි ගාථාවේ සබ්බ පාපස්ස යනු සියලු අකුසලයන්ගේ අකරණං නොඉපදවීම. කුසලස්ස යනු සිව්භූමියට අයත් කුසල්. උපසම්පදා යනු ලැබීමයි. සචිත්ත පරියොදපනං තමන්ගේ සිත බබලවන. එය වනාහි රහත්බවෙන් වෙයි. මෙසේ සීල සංවරයෙන් සියළු පාපයන් හැරදමා සමථ විපස්සනාවන්ගෙන් කුසල් උපයාගෙන රහත්ඵලයෙන් සිත පිරිසිදු කරගත යුත්තේය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනයයි. අවවාදයයි."


"දුතියගාථාය සබ්බපාපස්සාති සබ්බාකුසලස්ස. අකරණන්ති අනුප්පාදනං. කුසලස්සාති චතුභූමිකකුසලස්ස. උපසම්පදාති පටිලාභො. සචිත්තපරියොදපනන්ති අත්තනො චිත්තජොතනං, තං පන ¶ අරහත්තෙන හොති. ඉති සීලසංවරෙන සබ්බපාපං පහාය සමථවිපස්සනාහි කුසලං සම්පාදෙත්වා අරහත්තඵලෙන චිත්තං පරියොදාපෙතබ්බන්ති එතං බුද්ධානං සාසනං ඔවාදො අනුසිට්ඨී ති."


# "(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි)."


"තත්ථ සබ්බපාපස්සාති සබ්බස්ස අකුසලකම්මස්ස. උපසම්පදාති අභිනික්ඛමනතො පට්ඨාය යාව අරහත්තමග්ගා කුසලස්ස උප්පාදනඤ්චෙව උප්පාදිතස්ස ච භාවනා. සචිත්තපරියොදපනන්ති පඤ්චහි නීවරණෙහි අත්තනො චිත්තස්ස වොදාපනං. එතං බුද්ධාන සාසනන්ති සබ්බබුද්ධානං අයමනුසිට්ඨි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll