[Watch in 4K — Recommended Resolution.]


02. චුති සිත ගැන සත්‍ය හා අසත්‍ය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සතුන් මිය යනවිට ඊලඟ භවය සදහා චුති සිත බලපානව ද?

A. කිසිම සත්ත්වයකුගේ ඊළඟ භවයට “චුති සිත” බලපාන්නේ නෑ

බොහෝ දේශනා තුළින් හා බොහෝ දෙනා කියන / සිතන නමුත්, “ධර්මය” වෙනස් වෙන්නේ නෑ - “චුති සිත”ට කලින් ඇති වූ “ජවන් සිත්”වලින් ගත් අරමුණ ම මිසක්, කිසිම සත්ත්වයකුගේ ඊළඟ භවයට “චුති සිත” බලපාන්නේ නෑ.

S. “… ච්‍යුති චිත්තය නිරුද්ධ වනු සමග ම >>> මරණාසන්න ජවනන් විසින් ගන්නා ලද අරමුණ ම ගනිමින් <<< විපාක දීමට ඉදිරිපත් ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වේ. …”


A. “චුතිසිත” අනුව ඊළඟ භවයේ "ප්‍රතිසන්ධි සිත" පහළ වෙන්නේ නම්, කිසි ම සත්ත්වයෙක් වෙනත් සත්ත්වයෙක් වීමට නොහැක - එවිට මිනිසා මැරී මිනිසෙකු ම ලෙස ඉපදීම ආදී වශයෙන් වීමෙන්, ධර්ම විකෘතියක් ඇති වේ.

[එක භවයක දී එක සත්ත්වයකුට: ප්‍රතිසන්ධි සිත = භවාංග සිත = චුති සිත.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll