45. නාරායන සංඝාත බලය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම... අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඇති "නාරයනසංඝාත" කාය බලය යනු කුමක්ද? පැහැදිලි කර දෙන්න...

A. “මොවුහු දස ඇත් කුලයෝ ය. එහි කාලාවක නම් නිතර පෙනෙන (ප්‍රකෘති) ඇත් කුලයයි. පුරුෂයන් දස දෙනකුගේ ශක්තිය එක් කාලාවක ඇතෙකු ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය එක් ගංගෙය්‍ය ඇතෙකුට වේ. ගංගෙය්‍ය ඇතුන් දස දෙනකුගේ ශක්තිය එක් පණ්ඩර ඇතෙකුට වේ. පණ්ඩර ඇතුන් දස දෙනකුගේ ශක්තිය තම්බ හස්තියෙකුට වේ. තම්බ හස්තීන් දසදෙනකුගේ බලය එක් පිංගල හස්තියෙකුට ඇත. පිංගල ඇතුන් දස දෙනකුගේ බලය ගන්‍ධ කුලයේ එක් හස්තියෙකුට ඇත. ගන්‍ධ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ බලය මංගල කුලයේ එක් හස්තියෙකුට ඇත. මංගල කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය හේම කුලයේ එක් ඇතෙකුට තිබේ. හේම කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය උපෝසථ කුලයේ එක් ඇතෙකුට ඇත. උපෝසථ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඡද්දන්ත කුලයේ එක් ඇතෙකුට ඇත. ඡද්දන්ත කුලයේ ඇතුන් දස දෙනෙකුට යම් බලයක් වේ නම් එය එක් තථාගතවරයකුගේ කාය බලයට සමාන වේ. මෙය නාරායන සංඝාත බලය යයි ද කියනු ලැබේ. කාලාවක කුලය ද, ගංගෙය්‍ය කුලය ද, පණ්ඩර කුලය ද තම්බ හා පිංගල කුලය ද, ගන්‍ධ කුලය, මංගල කුලය, හේම කුලය යන මොවුහුද උපෝසථ කුලය හා ඡද්දන්ත කුලය යන මොව්හු දස ඇත්කුලයෝ වෙති. ඒ මේ බලය කෙළ දහසක් ප්‍රකෘති ඇතුන්ගේ ද, දස කෙළ දහසක් මිනිසුන්ගේ ද බලයට සමාන බලයක් වේ. ඒ තථාගත කාය බලයයි.”


A. “… ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේය. පණ්ඩරයන් දසදෙනුකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේය. පිංගලයන් දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධයන් දෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත්තේය. හේමයන් දෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ජද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය. ජද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුද්ධකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහසක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කොටි දස දහසක බල ය.”


[“ඉමානි හි දස හත්‍ථිකුලානි. තත්‍ථ කාලාවකන‍්ති පකතිහත්‍ථිකුලං දට‍්ඨබ‍්බං. යං දසන‍්නං පුරිසානං කායබලං, තං එකස‍්ස කාලාවකහත්‍ථිනො. යං දසන‍්නං කාලාවකානං බලං, තං එකස‍්ස ගඞ‍්ගෙය්‍යස‍්ස. යං දසන‍්නං ගඞ‍්ගෙය්‍යානං, තං එකස‍්ස පණ‍්ඩරස‍්ස. යං දසන‍්නං පණ‍්ඩරානං, තං එකස‍්ස තම‍්බස‍්ස. යං දසන‍්නං තම‍්බානං, තං එකස‍්ස පිඞ‍්ගලස‍්ස. යං දසන‍්නං පිඞ‍්ගලානං, තං එකස‍්ස ගන්‍ධහත්‍ථිනො. යං දසන‍්නං ගන්‍ධහත්‍ථීනං, තං එකස‍්ස මඞ‍්ගලස‍්ස. යං දසන‍්නං මඞ‍්ගලානං, තං එකස‍්ස හෙමවතස‍්ස. යං දසන‍්නං හෙමවතානං, තං එකස‍්ස උපොසථස‍්ස. යං දසන‍්නං උපොසථානං, තං එකස‍්ස ඡද‍්දන‍්තස‍්ස. යං දසන‍්නං ඡද‍්දන‍්තානං තං එකස‍්ස තථාගතස‍්ස. නාරායනසඞ‍්ඝාතබලන‍්තිපි ඉදමෙව වුච‍්චති. තදෙතං පකතිහත්‍ථිගණනාය හත්‍ථීනං කොටිසහස‍්සානං පුරිසගණනාය දසන‍්නං පුරිසකොටිසහස‍්සානං බලං හොති. ඉදං තාව තථාගතස‍්ස කායබලං.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll