258. අනූහය කෝටියක් රහතන්වහන්සේලා ඇත්තට ම වැඩියා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මහා වංසයෙ සදහන් ලෙස ඇත්තටම ස්වර්ණමාලි මහා සැය ඉදි කිරීමට 96 කෝටියක් රහත් න් වහන්සේ ලා වැඩිය ද?  ත්‍රිපිටකය තුල මේ සම්බන්ද ව නෑ නේද?? දීපවංසය තුල ත් මේ සම්බන්ද ව නෑ නේද?

A. එසේ අනූහය කෝටියක් (සයානු කෙළක්) රහතන් වහන්සේලා වැඩි බව (අප දන්නා පරිදි) සඳහන් වන්නේ, 

1. මහාවංශය, හා; 

2. ථූපවංශය, 

තුළ ම පමණි.

S. 1. සමාගතානං සබ්බෙසං, භික්ඛුනං තං සමාගමෙ;
වුත්තා ඛීණාසවායෙව, තෙ ඡන්නවුතිකොටියො.


2. “භික්ඛූනං දීපවාසීනං-ආගතානඤ්ච සබ්බසො,
ගණනාය පරිච්ඡෙදො-පොරාණෙහි න භාසිතො;

සමාගතානං භික්ඛූනං-සබ්බෙසං තං සමාගමෙ,
වුත්තා ඛීණාසවායෙව-තෙ ඡන්නවුති කොටියො;”


T. නමුත්, රහතන්වහන්සේලාගේ හෝ භික්ෂූන් වහන්සේලාගේ කෝටි ගණනින් වූ එක්රැස්වීම් (සන්නිපාතයන්) ගැන ත්‍රිපිටකයෙහි නොයෙක් තැන්හි සඳහන් වන බැවින්, ඉහත "මහාථූප 96 කෝටි සඳහන" ද සැක කළ යුතු නොවේ.

උදාහරණය 3ක් පමණක් පහත දැක්වේ.

# "කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.


සන‍්නිපාතා තයො ආසුං කොණ‍්ඩඤ‍්ඤස‍්ස මහෙසිනො
ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තාන තාදිනං.

කොටිසතසහස‍්සානං පඨමො ආසි සමාගමො
දුතියො කොටිසහස‍්සානං තතියො නවුතිකොටිනං."

# "ඉක්බිති මංගල ලෝකනාථයාණෝ මේඛල නුවර වසන්නාහු දසදහසක් තරුණයන් පිරිවැරූ සුදේවද ධම්මසේනද බුදුන් වෙත ඒහි භික්‍ෂු පැවිද්දෙන් පැවිදි වූහ. මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් මධ්‍යයෙහි පාමොක් දෙසූහ. මේ දෙවන සන්නිපාතය විය. සුනන්‍ද සක්විති සමාගමයෙහි අනූකෝටිලක්‍ෂයක් භික්‍ෂූන් මැද පාමොක් උදෙසූහ. මෙය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-


# "දීපංකර බුදුරජාණන් වහන්සේගේ සන්නිපාත (සේවිත) තුනක් විය. ප්‍රථම සමාගම කෝටි ලක්‍ෂයකට විය.

නැවත බුදුරජාණන් වහන්සේ නාරද කූටයෙහි විවේකගතව වැඩහුන් කල්හි පහකළ කෙලෙස්මල ඇති කෝටි සියක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා රැස්වූහ.

කෙලෙසුන් වසඟ කළ මහාවීරයන් වහන්සේ යම් අවස්ථාවක සුදර්ශන පර්වතයේ වැඩසිටි සේක් ද, එකල්හි බුදුරජාණන් වහන්සේ කෝටි අනූදහසක් සමග පැවරූ සේක.


සන්නිපාතා තයො ආසුං, දීපඞ්කරස්ස සත්ථුනො;
කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.

පුන ¶ නාරදකූටම්හි, පවිවෙකගතෙ ජිනෙ;
ඛීණාසවා වීතමලා, සමිංසු සතකොටියො.

යම්හි කාලෙ මහාවීරො, සුදස්සනසිලුච්චයෙ;
නවුතිකොටිසහස්සෙහි, පවාරෙසි මහාමුනි."

👉 අනෙක් අතට, සත්ත්වයන් අනන්ත බැවින් ද, බුදු සසුන විරල බැවින් පිනැති සත්වයෝ එකල බොහෝ ඉපිද සිටි බැවින් ද, පාරමිතා හෝ ප්‍රර්ථනා හෝ ඉන්ද්‍රිය ධර්ම වැඩුණු සත්වයන් ගණනින් දැක්විය නොහැකි බැවින් ද, (ඕනෑම) බුදුන්වහන්සේ (නමක් ජීවමානව) වැඩ වෙසෙන කාලයේ හා ඒ ආසන්න කාලයේ අපට හිතා ගත නොහැකි ප්‍රමාණයේ භිෂූන් වහන්සේලා හා ආර්යයන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ විසූ බව පුදුමයට කරුණක් නොවන බව ද කිව හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll