61. නිවන් "දකින්න" පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නිවන අවබෝධ කරගන්නද ඕන, දකින්නද ඕන?

A. "දුඃඛය පරිඥෙය (පිරිසිඳ දතයුතුයැ), සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්ෂාත්කර්තව්‍ය යි."
"දුක‍්ඛං පරිඤ‍්ඤෙය්‍යං සමුදයො පහාතබ‍්බො මග‍්ගො භාවෙතබ‍්බො නිරොධො සච‍්ඡිකාතබ‍්බො"

A. “නිවන ඇත්තේ පැමිණ වාසය කිරීමට නොව දැකීමට ය. නිවන් දකිනවාය, නිවන් දුටුවාය යන වචන බෞද්ධයන් අතර ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ එහෙයිනි. නිවනට පිවිසියේ ය, නිවන් ගියේ ය, නිවනට පැමිණියේ ය යන ව්‍යවහාර ඇතත් ඒවා පර්‍ය්‍යාය කථාය. නිවන් කථාවේදී ව්‍යවහාරයට ඉතා හොඳ වචන නිවන් දකිනවාය, නිවන් දුටුවා ය යන වචනයෝ ය.”


[සාමාන්‍යයෙන්, ඇසින් දැකීම හා ප්‍රඥාවෙන් දැකීම යැයි දැකීම් දෙකකි: මෙහි නිවන් දැකීම යනු (ලෝකෝත්තර මාර්ග) ප්‍රඥාවෙන් දැකීම යි - පියවි ඇසින් නම් කිසි කලෙකවත් නිවන් තබා සාමාන්‍ය ද සත්‍ය ද දැකිය නොහැක.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll