273. "අකුරු මැකී නෑ — කොළ ගැළවී නෑ"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. 1. පොත් කියවීම සහ අකුරු මගින් චිත්තය පහළ වන්නේ කෙසේද යැයි අභිධර්මයට අනුව පහදා දෙන්න.

2. අපි පොත් කියවන විට අකුරු මගින් මවා ගැනීමක් සිදු කරයි. එවිට සිදු වන්නේ කුමක් ද?

3. චිත්ත රූප මැවෙන්නේ මන්ද?

A. 1. මෙය ද ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, චිත්තයේ (සිතේ) අති වේගවත් භාවය නිසා අකුරක, පිල්ලමක සටහන/සටහන් වර්තමාන වශයෙන් ඇසින් හඳුනාගෙන - නැවත අතීත රූප අරමුණු කිරීම, හඳුනා ගැනීම, ඒවායේ අර්ථය වටහා ගැනීම වශයෙන් හා ඒ සියල්ල එක් කොට වචනයේ අර්ථය ද ඉහත පිළිවෙලට ම වටහා ගැනීම සිදු වේ.

මේ පිළිබඳව වැඩිදුර සිතන්න මෙය කියවන්න.

සිතේ වේගවත් බව දැනගන්න මෙය කියවන්න.

2. අකුරු මවා ගැනීමේ දී සිදුවන්නේ: අකුරුවල, (පිල්ලම්වල) හා වචනවල රූප සටහන් හෝ සිත්, සිතුවිලි හෝ නැවත (අතීත වශයෙන්) අරමුණු කිරීමෙනි.

මේ පිළිබඳව වැඩිදුර සිතන්න මෙය කියවන්න.

3. චිත්ත රූප මැවෙන්නේ ද ඉහත (2. හි) කී කාරණා නිසා ම ය. සාංසාරික/මේ ජීවිතයේ දී (ඇසින් දකින) රූප සම්බන්ධයෙන් වැඩි ඇලීමක්/පුරුද්දක්/හුරුවක් ඇති කරගත් පුද්ගලයන්ට ("දෘශ්‍ය පුද්ගලයා" හට), චිත්ත රූප (ඉබේ) මැවීම/ඇති වීම ඉතා ඉහළ අගයක/තත්ත්වයක පැවතිය හැක.

"දෘශ්‍ය පුද්ගලයා" පිළිබඳව වැඩිදුර සිතන්න මෙය කියවන්න.

# යෝජිත ලිපි:

(මෙහි සඳහන් අතුරු ලිපි ද කියවන්න.)



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll