305. සප්තරසායුෂ්ක යනු...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. *සප්තරසායුක්ෂ යනු චිතක්ෂණ 17* *ආයු ඇති* වර්තමාන රූපය බව මගේ දැනීමය. නමුත් අභිදර්ම මාර්ගය පොතෙ *චිත ක්ෂණ 17 ආයු නැති* වර්තමාන රූපය ඇති විබුතරම්මන / අවිබුතරම්මන ගැන පැහැදිලි කෙරේ. කරුණාකර මුලාශ්‍ර සමග පහදන්න.

A. ඔබේ දැනුම අපි අගය කරනවා; ඔව්, "සප්ත රසායුෂ්ක" යනු "චිත්තක්ෂණ දාහතක් ආයුෂ ඇති" යන අරුත ගෙන දෙන, රූප 22 සඳහා පමණක්ම යොදන නමකි.

"රූපයන් අතුරෙන් උපචය සන්තති දෙක්හි ආයුෂය එක් කුඩා චිත්තක්ෂණයෙකි. ජරතාවේ ආයුෂය කුඩා ක්ෂණ එකුන් පනසෙකි. අනිච්චතා රූපයේ ආයුෂය එක් කුඩා ක්ෂණයෙකි. විඥප්ති රූපයන් ගේ ආයුෂය එක් චිත්තක්ෂණයෙකි. (කුඩා ක්ෂණ තුනකි.) විඥප්ති රූප දෙක හා ලක්ෂණ රූප සතර ද හැර ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ සතළොසකි."

https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-13.html


"ඒකාබද්ධ රූප කලාපයන් අතර ඒවා එකිනෙකින් වෙන් කරමින් පවත්නා වූ ආකාශ ධාතුවට “පරිච්ඡේද රූපය” යි කියනු ලැබේ. එය කිසි රූප කලාපයකට අයත් නො වේ. එහෙත් එය ඉපදෙන බිඳෙන රූප කලාපයන් අනුව දත යුත්තක් බැවින් රූප කලාපයන් සේ ම සප්තරසායුෂ්ක රූපයක් සැටියට සලකනු ලැබේ."

https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-10.html

# නමුත්, වර්තමාන රූප (22) සඳහා පමණක්ම නොවේ; අතීත වර්තමාන අනාගත යන තෙකල් (කාල තුනටම අයත්) දෙවිසි රූපය සඳහා ම ද එය යෙදේ.

"ත්‍රිරාශිය

වර්තමාන අතීත අනාගත යන කාලත්‍ර‍යට අයත් වූ එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය, රූප අට විස්සය, කාල මුක්ත වූ නිර්වාණය හා ප්‍ර‍ඥප්තියය යන ෂඩාරම්මණ ධර්මයෝ ආරම්මණ ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ ය.

https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/11-2.html

# ඔබ උපුටා දැක්වූ වෙබ් ලිපිනයෙහි ඇත්තේ සංස්කරණ දෝෂයකි; කරුණාකර මුද්‍රිත පොත බලන්න! (පහතම පින්තූරය ද බලන්න!)

"චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ වීථිය.

චිත්තක්ෂණ සතොළොසක් ආයු නැති වර්‍තමාන වූ ද, අතීත වූ ද, අනාගත වූ ද කාමාවචර චිත්ත චෛතසිකයෝ ය, විඤ්ඤත්ති රූප දෙකය, ලක්ෂණ රූප සතරය, අතීතානාගත වන සප්තරසායුෂ්ක රූප දෙ විස්සය යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේද මනෝද්වාරාවජ්ජනයන්ට අනතුරු ව යම් කිසි කාම ජවනයන් සත් වරක් ද තදාරම්මණය දෙවරක් ද ඇති වීමෙන් පසු භවාඞ්ග වන වීථිය, සතළොස් චිත්තක්ෂණයක් නැති විභූතාරම්මණ වීථිය ය.

වීථි සටහන්

භ - න - ද - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ත - ත - භ

චිත්තක්ෂණ සතළොසක් නැති අවිභූතාරම්ම (මෙහි "" යන්න ද අඩුය) වීථිය.

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, විඥප්ති රූප දෙක ය, ලක්ෂණ රූප සතර ය, චිත්තක්ෂණ සතොළොසකට ආයු නැති (මෙය  ඇති ලෙස නිවැරදි විය යුතුය) අතීතානාගත රූප දෙවිස්සය, කාලවිමුක්ත නිර්වාණ, ප්‍ර‍ඥප්ති දෙකය යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවාඞ්ග චලන භවඞ්ගුපච්ඡේද මනෝද්වාරාවජ්ජනයන් හා කාමජවනය සත් වරක් ද ඇති වීමෙන් පසු තදාරම්මණ නො වී භවාඞ්ග වන වීථිය සතළොස් චිත්තක්ෂණයක් නැති අවිභූතාරම්මණ වීථිය ය."



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll