Q. hi dhamma friend. i have a question on කුසළ මූල පටිච්ච සමුප්පාදය. I cannot find credible reference in A/Pradeepaya, A/Margaya, A/Chandrikawa any reference for this. When i google i get only Waharaka sources which i do not follow. Some monks including my teacher preach this. Could you find me credible source for this or some write up?
A. කුසල මූල පටිච්චසමුප්පාදය ලෙස යෙදුමක් ත්‍රිපිටකය හෝ ඒ ආශ්‍රිත විශ්වාසදායක මූලාශ්‍රයන් තුළින් සොයාගත නොහැක. මෙය වහරක, මීවනපලාන ආදී පාර්ශව විසින් සමාජ ගත කරන ලද්දක් බව පෙනේ.
අවිද්‍යා මූලික හෙවත් අනුලෝම පටිච්චසමුප්පාදය සහ අවිද්‍යා නිරෝධ මූලික ප්‍රතිලෝම (පටිලෝම) පටිච්චසමුප්පාදය යනාදී යෙදුම් පමණක් ම ත්‍රිපිටකය හෝ ඒ ආශ්‍රිත විශ්වාසදායී මූලාශ්‍රයන් තුළින් සොයාගත හැක.
"අවිද්‍යාව/මෝහය" අකුසල මූලයක් බැවින්, අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය "අකුසල මූල පටිච්චසමුප්පාදය" ලෙස ගෙන, ඊට ප්‍රතිවිරුද්ධ වූ "ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය" ම "කුසල මූල පටිච්චසමුප්පාදය" ලෙස ගනී නම් (එනම්, අවිද්‍යාව නිරෝධ වීම හෙවත් අමෝහය/ප්‍රඥාව ඉපදීම් අර්ථයෙන්), එහි වරදක් නොපෙනෙතත්, ඉහත කී පාර්ශවයන්ගේ දේශනා තුළ නොයෙක් අධර්මවාදී - විකාරරූපී - හිතලු ඇතුළත් පටිච්චසමුප්පාද-දේශනා-විවරණ දක්නට ලැබෙන බව කිව යුතු ම ය.
අවසාන වශයෙන් කිව හැක්කේ: සුප්‍රසිද්ධ අනුලෝම-ප්‍රතිලෝම දේශනාද්වයට (දේශනා ක්‍රම දෙකට) අමතරව තවත් විවිධාකාර පටිච්චසමුප්පාද දේශානා ක්‍රම දැක ගත හැකි බව හා ඒ සියල්ලම කුසලාකුසල (කුසල්-අකුසල්) මූලයකින් ම ආරම්භ නොවන බවය.
[එබැවින් අකුසල මූල - කුසල මූල භේදය යම් ලෙසකින් හෝ යෙදිය හැක්කේ, අවිද්‍යා මූල - අවිද්‍යා නිරෝධ මූල, අනුලෝම - ප්‍රතිලෝම පටිච්චසමුප්පාද දේශනා යුග්මය සඳහා ම පමණක් බවත් ය.]
# You may also consider contributing to/for the following project:
තෙරුවන් සරණයි!!!

