309. නිවන් දකින්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඇත්තටම නිවන් දකින්නේ කොහොමද? එක එක්කෙනා එක එක විදියට කියනවා, ඒකයි මේ ප්‍රශ්නය අහන්නේ, කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

A. නිවනට පැමිණීමට අනන්ත න්‍යායන් ඇති බව කියනු ලැබේ. ඒ කුමන ක්‍රමවේදයක් අනුගමනය කළත්, එනම්: සමථ භාවනාවෙන් විදර්ශනාවට හැරුණත්; විදර්ශනාවම වැඩුවත්; ඒ දෙකම යුගනද්ධ වශයෙන් ම වැඩුවත්; සතර සතිපට්ඨානය වැඩුවත්; පංච උපාදානස්කන්ධයන්ගේ උදය-ව්‍යය බැලුවත්, ඒවා ත්‍රිලක්ෂණයට නැගුවත්; ... ආදී කුමන ක්‍රමයක් අනුගමනය කළත් කිසිසේත්ම නිවන් දැකිය නොහැක. 

එසේ කියන්නේ: නිවන් දැකීමට නම් විමෝක්ෂය නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අවශ්‍ය විමෝක්ෂ මුඛ යන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සහ පරමාර්ථ ධර්මයන් ධර්මානුකූල වශයෙන්, ඉතා ම ගැඹුරින්, ඒවාගේ සැබෑ අර්ථය සිතට ගෙන ම, විදර්ශනා වැඩිය යුතු බැවිනි. 

සැලකිය යුතුයි: නිවන් දැකීමට අත්‍යවශ්‍ය අනිත්‍යය යනු ඔබ සිතා සිටින අනිත්‍ය ද නොවේ; දුක යනු ඔබ සිතා සිටින දුක ද නොවේ; අනාත්මය යනු ඔබ සිතා සිටින අනාත්මය ද නොවේ. පරමාර්ථයෝ ද එසේ ම ය.

# මෙම ලිපිය මූලාශ්‍ර ද එක් කොට සවිස්තරව පළකිරීමට බලාපොරොත්තු වන නමුත්, ධර්ම සාකච්ඡාවක් මගින් ම පැහැදිලි කර ගැනීම වඩා යෝග්‍ය යැයි සිතන බැවින්, කරුණාකර අප හා සම්බන්ධ වීමට මෙතන ඔබන්න!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll