304. බොරු කියන්නාට නොකළ හැකි පාපයක් නැද්ද? “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!” ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ Q. බොරු කියන කෙනාට කරන්න බැරි පවක් නැහැ කියලා සඳහන් වෙනවද?A. "...යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි."("...යස්ස කස්සචි සම්පජානමුසාවාදෙ නත්ථි ලජ්ජා, නාහං තස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි.")https://tipitaka.lk/mn-2-2-1/1-0/pali "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!" Next FAQ Prev FAQ