Q1. සහේතුක කාමාවචර විපාක සිත් වලින් “ප්‍රවෘත්ති විපාක" ලබෙන්නෙ කෙසේද?? මන්ද ඒවා යෙදෙන්නේ තදරම්මනහිය. ප්‍රවෘත්ති විපාක ලබෙන්නෙ පංච ද්වරයෙනි (This refers to Q in your forum 789)
Q2. දුක්ක සත්‍ය ණය 04 හි *දුක්ද නොවූ ආර්ය සත්‍යද නොවෙන ධර්මතා* මොනවාද යන්න අනුකම්පාවෙන් අපහට පැහැදිලි කර දෙන්න.
A1. ප්‍රතිසන්ධි - භවාංග - තදාරම්මණ - චුති කියන අවස්ථා හතරේ දී ම සහේතුක කාමාවචර විපාක සිත්වලින් විපාක ලැබෙන බව අපගේ ලිපියෙහි ද දක්වා ඇත:
# එයින් ප්‍රතිසන්ධි විපාක හැර, අනෙක් විපාක තුන් වර්ගය සඳහා ම ප්‍රවෘත්ති විපාක යැයි කියනු ලැබේ.
"මොව්හු සත්ත්වයන් පිළිබඳ වැ ප්‍රතිසන්‍ධි වශයෙන් ද, භවාඞ්ග වශයෙන් ද, තදාලම්බන වශයෙන් ද, චුති වශයෙන් දැ යි සතර ආකාරයකින් පවතිත්. ප්‍රතිසන්‍ධි වශයෙන් පවත්නා කල්හි ප්‍රතිසන්‍ධිවිපාකය යි කියනු ලැබේ. භවාඞ්ග තදාලම්බන චුති වශයෙන් පවත්නා කල්හි ප්‍රවෘත්ති විපාක යයි කියනු ලැබේ. ප්‍රතිසන්ධි නම් අභිනව භවයෙක පිළිසිඳ ගැන්ම ය - හෙවත් භවයකින් භවයක් ගැළපීම ය. භවාඞ්ග නම් චක්‍ෂුරාදී ද්වාරවලින් අරමුණු නො ගෙන සිත තැන්පත් ව මෙන් තිබීම ය. තදාලම්බන නම් චිත්ත වීථීන්හි දී ජවනය විසින් ගන්නා ලද අරමුණු ගැනීම ය. චුති නම් ඒ භවයෙන් ගිලිහීම යි."
# තව ද, තදාරම්මණය ෂඩාලම්බනික වේ.
"... මෙයින් සන්තීරණ තුන සන්තීරණ කෘත්‍ය වශයෙන් කාමාවචර පංචාලම්බනික ය. තදාරම්මණ කෘත්‍ය වශයෙන් කාමාවචර ෂඩාලම්බනික ය. මහාවිපාක අට ද, තදාරම්මණ වශයෙන් කාමාවචර ෂඩාලම්බනික ය. සන්තීරණද්වය හා මහාවිපාක අට ප්‍රතිසන්ධි භවාඞ්ග ච්‍යුති වශයෙන් ද්වාරවිමුක්ත වැ පවත්නා කල්හි දු කාමාවවචර ෂඩාලම්බනික ය. ..."
A2. "(4) චතුර්විධ මාර්‍ග සම්ප්‍රයුක්ත වූ චිත්ත-චෛතසික ධර්‍ම හා මාර්‍ග-ඵල චිත්තයෝ ද, යම් ආර්‍ය්‍යසත්‍යයක් පිරිසිඳීම සඳහා බුදුසසුන් වැද බඹසරවස් වෙසේ නම් ඒ සත්‍යයාගේ පිරිසිඳීම් අර්‍ථයෙන් දුඃඛ නොවෙයි. ආර්‍ය්‍යසත්‍ය ද නො වේ.
මේ දුඃඛ සත්‍යයෙහි චතුෂ්කනයයි.
සමුදයාදියෙහි ද මෙසේ චතුෂ්ක වශයෙන් යෙදිය යුතු (මෙය සත්‍යවිභඞ්ග අභිධර්‍ම භාජනියෙහි විස්තර වේ.)"
["ලෝකෝත්තර කුසල්සිත් සතර ය, ඒවායේ යෙදෙන මාර්ගාඞ්ග අටෙන් අන්‍ය වූ චෛතසිකයෝ ය. ඵල සිත් සතර හා ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය. යන මේ ධර්මයෝ සත්‍ය සඞ්ග්‍රහයට ඇතුළත් නො වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යයට අයත් නො වෙති."

