263. ධාතූන් වහන්සේලාට මොකද වුණේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඉපැරණි චෛත්‍ය වහන්සේලා ආදියෙහි හා පුරාණතම සිද්ධස්ථානවල වැඩ සිටි ධාතුන් වහෙන්සේලා දැන් කොහෙද?

A. එවැනි ධාතූන් වහන්සේලා වැඩසිටිය හැකි ස්ථාන හා උන්වහන්සේලාට පුද සත්කාර ලැබෙනා අයුරු පහත පිළිතුරු අනුසාරයෙන් මතු කර ගන්න:

1. මිහිදන්ව හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ මිනිසුන්ට නොපෙනෙන / මිනිසුන්ට ළඟා විය නොහැකි, ධාතූන්වහන්සේලා වැඩ සිටින ස්ථානවලට දෙවියන් විසින් පුද පූජා ගෞරව සත්කාර කරනු ලැබේ.

2. පුරා විද්‍යාත්මක කැණීම්වලින් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ පුද පූජා ගෞරව සත්කාර කරවනු පිණිස, දෙවියන් විසින් මනුෂ්‍යන් වෙත ධාතූන්වහන්සේලා මතුකර/පෙන්වා දෙනු ලැබේ.

3. නිසි පුද සත්කාරක ගරු සම්මාන නොලැබෙන ධාතූන්වහන්සේලා දෙවියන් විසින් නිසි පුද සත්කාරක ගරු සම්මාන ලැබෙන ස්ථාන වෙත වඩම්මවා (වඩමවා/වැඩමවා) ගෙන යනු ලැබේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll