Q. අවිනිභෝග පැහැදිලි කර දෙන්න.
A. වෙන්කළ නොහැකි හෙවත් එකක් අනෙකෙන් වෙන්කළ නොහැකි සේ බැඳී පවත්නා යන අර්ථය අවිනිබ්භෝග යන වචනයෙහි ගැබ්ව ඇත.
# වර්ණ-ගන්ධ-රස-ඕජා යන සතර ය, (පඨවි ආපෝ තේජෝ වායෝ යන) භූතරූප සතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ. ඉතිරි රූප විස්ස විනිබ්භෝග රූප නම් වේ.
# අවිනිබ්භෝග රූප අට ශුද්ධාෂ්ටක කලාපය නම් වේ.
# (ඔ) අවිනිබ්භෝග රූප හා විනිබ්භෝග රූප.
පඨවි ආපෝ තේජෝ වායු වණ්ණ ගන්‍ධ රස ඕජා යන අට අවිනිබ්භෝග රූප ය. මේ රූප අට කිසි විටෙක වෙන් කළ නො හැකි ය. එක කලාපයක් වශයෙන් ම පවතී. එබැවින් එයට අවිනිර්භෝග රූපය යි කියනු ලැබේ. සෙසු විස්ස විනිර්භෝග රූප ය. වෙන් කළ හැකි බැවිනි.

