Q. මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසුව තුසිත දෙව්ලොව ඉපදුනා කියලා ධර්මයේ සඳහන්. ඒ උනත් එතුමිය තුසිතයේ ඉපදෙන්නෙ දෙවියෙක් විදියටද නැත්තන් දිව්‍යාංගනාවක් විදියටද? ත්‍රිපිටකයේ හෝ අටුවාවෙ මේ පිළිබඳව සඳහනක් තිබේද?
# ( බෝසත් මව, සත් දිනකින් කළුරිය කිරීම ධර්මතාවයක් බව දැනගැනීමට මෙම ලිපිය කියවන්න:
A. දේවපුත්ත යන පුරුෂ ලිංග පදය යොදා තිබීමෙන් දිව්‍ය පුත්‍රයකු (දිව්‍යරාජයෙකු) වශයෙන් උප්පත්තිය ලද බව පෙන්වා දිය හැක.
අථ භගවා මාතුදෙවපුත්තප්පමුඛානං දසසහස්සිලොකධාතුවාසීනං දෙවබ්රහ්මසඞ්ඝානං තයො මාසෙ අභිධම්මපිටකං දෙසෙත්වා මනුස්සලොකං ආගන්ත්වා භද්දිත්ථිවිමානං භික්ඛූනං දෙසෙසි. සා දෙසනා සම්පත්තපරිසාය සාත්ථිකා අහොසීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධානකොට ඇති, දස දහසක් ලෝකධාතූන්හි වෙසෙන දිව්‍ය බ්‍රහ්ම සමූහයාට තෙමසක් විජම් (අභිධර්ම) පිටකය දෙසා මිනිස් ලොවට පැමිණ භද්දිත්ථි විමාන වස්තුව දේශනා කළ සේක. ඒ දේශනාව රැස්ව සිටි පිරිසට ප්‍රයෝජනවත් වූයේය.

