මේ ගැන හොදින් දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න. ලොකු පිනක්. මමනං මේ පොඩි දේ නිසා මුලු බුදු දහමම බොරුවක් කියල එකපාරම හිතන්නෙ නැහැ. ඒත් තාත්තගෙ විස්වාසය නං මේක නිසාම අව්ල් වෙලා තියෙන්නෙ.
A. මුලින්ම කියන්න ඕනෑ අද නවීනතම කොන්ටම් විද්‍යාව තුළින් පවා සොයාගන්නා දේවල් බුදුහිමියන් මීට අවුරුදු තුන්දහකට කලින් දේශනා කරලා තියනවා කියලා.
එහෙම අපි සඳහන් කළේ බුදු දහම ඉතාම ගැඹුරු විද්‍යාවක් බවත් ඒ දර්ශනය සහ දහම ගැන ගැටළු නැති වෙන විදිහට තේරෙන්න නම් ලොකු පිනක් වාසනාවක් අවශ්‍ය බව පෙන්වා දෙන්න.
බුදු දහම තේරෙන්නේ තමන්ගේ දැනුම ඥානය බුද්ධිය පින වාසනාව වගේ කාරණාවල මට්ටම අනුවයි. ගොඩක් දෙනෙක් පොඩි පොඩි කාරණා අල්ලගෙන වටිනා ජීවිතය තුළ වටිනා දහමක් තේරුම් ගන්නැතුව අපරාදේ බොරුවට මැරිලා යනවා; ඒක එදත් අදත් හෙටත් එහෙම්මම තමයි; ඒකනේ බුදු දහම අදටත් ලෝකයේ පළමුවැනි ආගම නොවෙන්නේ.
# ඊළඟට අපි ඔයාගේ ගැටළුවලට උත්තර එක එක විදිහට සාකච්ඡා කරමු:
1. තමන්ටත් තමන්ගේ ආදරණීය බිරිඳටත් තමන්ගේ ආදරණීය දරුවන්ටත් අනාගතයේ ලොකු හොඳක් වෙනවනම්, ගොඩාක් සැප ලැබෙනවා නම්, වර්තමානයේ දී පොඩි පොඩි දුක් වින්දට කමක් නෑ නේද? ඕනෑම තාත්තා කෙනෙක් ඒ වගේ දෙයක් කරාට වැරැද්දක් නෙවෙයි නේද? ඔයාලගේ අප්පච්චිත් එහෙම ම කරයි.
අන්න ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ දී කළේ - හැබැයි ඒක සංසාර දුකට, සසර භයානකත්වයට සාපේක්ෂව හිතන්න බලන්න ඕනෑ බරපතල කාරණයක්.
2. බෝධිසත්වයන් වහන්සේ නමකගේ බිරිඳ දරුවන් වෙන එක හැමෝටම කරන්න බෑ, එයාලත් සසාරිකව පැතුම් පතාගෙන එකටම සසර ගමන් කරන කට්ටියක්/පිරිසක්. වෙස්සන්තරභවයේදී උනත් එහෙමයි. ඒ උන්වහන්සේගේ බිරිඳ දරුවන් වුණේ කවුද කියලා ඔයා ම දැනුම ගවේෂණය කරලා බලන්න.
3. ඔයා සත්තු විකුණනවා කියලා මොහොතකට නිකමට හිතන්න, ඒ විදිහටම ද දානයකුත් දෙන්නේ? නෑ නේද? දන්දීමයි, සත්ත්ව වෙළඳාමයි කියන්නේ දෙකක්.
අපි වුණත් යම් යම් විදිහේ ලොකු කුඩා දාන වගේම මහා දාන දෙනකොට කිරීමට සිදුවන කැපකිරීම වෙනස් නේද; දානය විශාල වන තරමට සිදු කළ යුතු කැපකිරීමත් විශාලයි. බෝධිසත්වයන් වහන්සේත් ලොකු කැපකිරීමක් කරලා ලොකු දානයක් තමයි ඒ දුන්නේ.
දන්දෙනවා කියන්නේ එක් අතකින් දීමක්, අනෙක් අතින් බැලුවහම අතහැරීමක්. දෙන්නැතුව වගේම අතහරින්නැතුව අවශ්‍ය දේවල් ලේසියෙන් ලබා ගන්න බෑ.
ඒ දානය දුන්නේ සියලූම සත්වයන්ට තියන කරුණාවෙන්, ඒ වගේම ප්‍රඥාවෙන්.
4. ඒ දානයට කියනවා දාන පාරමිතාව කියලා, පාරමිතා පුරන්නේ නැතුව බුදු වෙන්න කාටවත් බෑ.
පාරමිතා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. පෘථිවි භ්‍රමණය හා පරිභ්‍රමණය නැති වුණොත් අපිට රෑ දහවල් වෙන්නෙත් නෑ, ජීවත් වෙන්න වෙන්නෙත් නෑ; ජල චක්‍රය වගේ චක්‍ර නැති වුණොත් වැස්ස වැටෙන්නෙත් නෑ; ආහාරදාම වගේ දාම නැති වුණොත් පරිසරය සමතුලිත වෙන්නෙත් නෑ.
අන්න ඒ වගේ තමයි ස්වභාවික ක්‍රියාවලි, චක්‍ර, දාම පරිපූර්ණ වුණේ නැත්නම්, එයට අදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ.
5. බුදුවීමට පිරිය යුතු පාරමිතා කොටස් තුනකට සඳහන් කොට දේශනා වෙනවා. ඒ පිළිබඳව දැනගන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න:
# ඔයාලගේ තාත්තා වගේ ප්‍රශ්න නගන අය එදත් අදත් හෙටත් ඉන්නවා කියලා අපි සඳහන් කළානෙ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා හැම සරල හෝ දාර්ශනික ප්‍රශ්නයකටම පිළිතුරු කලින්ම සපයලයි තියෙන්නේ. ඒ නිසා බුදු දහමේ පිළිතුරු නැති ප්‍රශ්න කිසිවක්ම නැහැ - හැම ප්‍රශ්නෙටම පිළිතුරු තියෙනවා.
ඔයාගේ ප්‍රශ්නෙටත් පිළිතුරු පහත ලින්ක් එකේ තියෙනවා, කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න.
# බුදු දහම ගැඹුරු විෂයක් නිසා ඒ පිළිබඳව එක එක්කෙනාට තේරෙන්නේ එක එක විදිහට නිසාත් ගොඩක් අය වැරදි මත දරාගෙන ඉන්නවා, අපේ හාමුදුරුවරු පවා වැරදි විදිහට ධර්මය දේශනා කරනවා; ඇත්තටම මේක/ඒක පුද්ගලානුබද්ධ දෝෂයක් නොවේ, දහමේ තියෙන ගැඹුරුකම; හිතා මතාම කරන්නැත්තං ඒකට කාටවත් බැනලා ගරහලා කවුරුවත් අපහසුතාවයට පත් කරලා තර්ක කරලා වැඩක් නැහැ.
වැරදි මතවල ඉන්න අය ගලවාගන්න බුදුරජාණන් වහන්සේටත් ලේසි නොවුණ අවස්ථා තියෙනවා. ඉතින් අපි ගැන කුමන කතාද? සද්භාවයෙන් කෙනෙක්ව නිවැරදි මතයට ගේන්න අවංකවම උත්සාහ කරන්නම ඕනේ; තේරුම් ගන්නෙම නැත්නම්, අකමැත්තෙන් උණත් අතඇරලා දාන්න සිද්ධ වෙනවා.
ඒ නිසා නා උයනේ නාහිමියන්ගේ දේශනා වගේ ධර්මය ශ්‍රවණය කරන්න, රේරුකානේ නාහිමියන්ගේ වගේ පොත්පත් කියවන්න.
නිවැරදිව ධර්මඥානය දියුණු කරගන්නේ නැතුව ධර්මය හරියටම තේරුම් ගන්න බෑ.
රේරුකානේ නාහිමියන්ගේ පොත් ටික විතරක්ම කියෙව්වත් ඇති, ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ල ම කියෙව්වා වගේ ම තමයි.
(තව කල් තියෙනවා කියලා පස්සට කල් දාන්නේ නැතුව, පුළුවන් වෙලාවට ධර්මඥානය වැඩි කරගන්න පුතේ - අපි "පුතේ" කියලා දුවෙකුට වුණත් පුතෙකුට වුණත් ආමන්ත්‍රණය කරනවා.)
# ඔයාගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම්, මේ ලින්ක් එකත් share කරන්න:
# ලොකුම පිංකම කරගන්න කැමති අයට (මාපිය නෑදෑ හිත මිත්‍රාදීන්ට) මේ ලින්ක් එකත් share කරන්න: