Q. තෙරුවන් සරණයි!
විසංඛාරං ගතං චිත්තං තණ්හානං කයමජ්ඡගති.
තෙරුම දැන ගන්න පුළුවන් ද?
මූලාශ්‍රය?
A. # 9.(154) ගහකාරක දිට‍්ඨො’සි පුන ගෙහං න කාහසි
සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා ගහකූටං විසඞ‍්ඛිතං
විසඞ‍්ඛාරගතං චිත‍්තං තණ‍්හානං ඛයමජ‍්ඣගා
# “විසඞඛාර ගතං චින්තනති” - දැන් මගේ සිත සංකාර රහිතවු නිවන අරමුණු වශයෙන් ගෙන තබන ලදිමි. “තණ්හානං බයමජ්‍ඣගාති” තෘෂ්ණා ක්‍ෂය වූ අර්ථය අවබෝධ කර ගතිමි.
# විසංඛාරගතානං යනු සංස්කාර ආරම්මණය අත්හැර, සංස්කාර හෙවත් රැස්කිරීම දුරුකළවුන්ගේයි. නිවනට අරමුණු වශයෙන් පැමිණියවුන්ගේයි. විසංඛාරගතං චිත්තං යන මෙහි ද නිවනම ‘විසංඛාර’ යැයි කියන ලදී.