1. විදසුන් වැඩීමේ දී රූපාදිය අනිත්‍යාදි ලෙස බැලිය යුත්තේ බාහිරින් අරමුණු වන එම අරමුණු අනුවද නැතහොත් ඒ උදෙසා ඇතුළත ගොඩනැගෙන උපාදානස්කන්ධ ලෙස ගෙන ද ? මෙය ඇතැම් දේශකයන් එක් එක් පරිදි දැක්වීම ගැටලු සහගතය.
2. අරමුණක් ප්‍රසාදයේ සැපුණු කල එය හඳුනා ගැනීමට (සංඥාවට) පෙර වේදනාව උපදින්නේ කෙසේදැයි පහදා දෙන්න.
4. එමෙන්ම සංඥාවෙන් හඳුනා ගන්නේ එම රූප අරමුණේ මුල් ස්වභාවයද නැතහොත් සම්මුති අර්ථයෙන් ගන්නා දෙයද?
3. නිත්‍ය, සුඛ, සුභ, ආත්ම සංඥා ඇතිවන්නේ සංඥා සංස්කාර 2න් කුමන උපාදානස්ඛන්ධයේදී ද?
පහත කරුණු සම්බන්ධව පොත්වල හා දේශනාවල කරුණු පරස්පර බැවින් මූලාශ්‍රයානුගත නිවැරදි අර්ථ දැක්වීම දැන ගැනීමට කැමැතියි. බොහෝම පිං."
A. 1. ලෝකෝත්තර ධර්ම හැර, සතර උපාදානයන් (කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද) විසින් උපාදානය කර ගනු ලබන පංචස්කන්ධයේ ලෞකික ධර්ම සියල්ල ම - එනම් පංච උපාදානස්කන්ධය විදර්ශනාවට ගත යුතුය.

2. ස්කන්ධ දැක්වීමේදී හා සබ්බ චිත්ත සාධාරණ දැක්වීමේදී ද සංඥාවට පෙර වේදනාව සඳහන් කිරීමද සැලකිය යුතුය. කෙසේ වෙතත්:
වේදනාවෙන් විෂය කරගනු ලබන ආකාරය හඳුනා ගැනීම සංඥාවෙන් සිදුකරන බව පහත මූලාශ්‍ර මගින් සනාථ කළ හැක:
"යං වෙදෙති, තං සඤ‍්ජානාති."

https://tipitaka.lk/mn-1-2-8/63-2/pali
"ඵුට‍්ඨො භික‍්ඛවෙ, වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති"
https://tipitaka.lk/sn-4-1-9-10/74-3/pali
"යං වෙදෙති, තං සඤ‍්ජානාතීති එවං වෙදනාවිසයස‍්ස ආකාරග‍්ගාහිකා සඤ‍්ඤා"
https://tipitaka.lk/atta-kn-ps-1-3-5/56-5/pali
3. ඔබ සඳහන් කළ චතුර් විපල්ලාස ඇතිවීමේ දී, ඒවා මත මුලින්ම ඇතිවන්නේ දුබල සංඥා විපල්ලාසය බැවින්, සංඥා උපාදානස්කන්ධය පළමුවද සංස්කාර උපාදානස්කන්ධය දෙවනුවද ඇතිවන බව කිව යුතුය. ඒ බව (ඉහත දේශනා කොටස් තුළම අන්තර්ගත) පහත දේශනා අනුකොටස් තුළින්ද ස්ථිර වෙයි:
"ඵුට‍්ඨො සඤ‍්ජානාති. ඵුට‍්ඨො චෙතෙති," සහ "තතො සඤ‍්ඤාවසෙන අභිසඞ‍්ඛාරිකා චෙතනා,".
4. සංඥාව පරමාර්ථ වශයෙන් හඳුනා ගැනීමට මෙහෙයවන්නේ නම් විපල්ලාස ඇතිවීමට නොහැක; එබැවින් සම්මුති වශයෙන් හඳුනා ගන්නා බැවින් බව කිව යුතුය.

# ත්‍රිපිටක පොත් වහන්සේ සහ ඒ ආශ්‍රිත පොත්පත් වීඩියෝ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නවීනතම කෘතීම බුද්ධි මෘදුකාංග සහ පරිගණක වෙනුවෙන් වැය වන අති විශාල මුදල පියවා ගැනීමට, නොමසුරු - ධර්මකාමී - දානපති ඔබට, ඔබගේ නෑදෑ හිත මිත්‍රාදීන්ට ද මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උසස් කොටස්කරුවන් විය හැක.