A. [අවිද්‍යාව = මෝහය = මෝහ චෛතසිකය]
අවිද්‍යා මූල: අවිද්‍යාව ආදී සියලුම ධර්මයන්ට මුලක් අගක් නොමැති බව කිව යුතුය. එහෙත් අවිද්‍යාව මුලක් (මූලයක්) ලෙස ගනු ලබන්නේ සංසාර චක්‍රය ඇතිවීමට - නැති කිරීමට ප්‍රධාන වේ යන අර්ථයෙනි.
"ප්‍රතීත්‍යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ. භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි. මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍රධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ."
"අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද, සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කිරීම ය. ඒ දෙක ප්‍රහාණය කළ කල්හි සංසාර චක්‍රය සිඳේ. එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි."
"ඉමස්මිං සති ඉදං හොති මේ අවිද්‍යා ආදී ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාර ආදී ඵලය වේ. ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ ඉපදීමෙන් මේ සංස්කාරාදී ඵලය උපදී. යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා -පෙ- සමුදයො හොති යනු එහෙයින් වදාළහ.
ඉමස‍්මිං සති ඉදං හොතීති ඉමස‍්මිං අවිජ‍්ජාදිකෙ පච‍්චයෙ සති ඉදං සඞ‍්ඛාරාදිකං ඵලං හොති. ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජතීති ඉමස‍්ස අවිජ‍්ජාදිකස‍්ස පච‍්චයස‍්ස උප‍්පාදා ඉදං සඞ‍්ඛාරාදිකං ඵලං උප‍්පජ‍්ජති, තෙනෙවාහ – “යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා…පෙ… සමුදයො හොතී”ති."
C. "පැවැත්මට හෝ නිපැත්මට උපකාර වන ධර්ම ප්‍රත්‍යය බව යට කියන ලදි. මෙහි අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වන්නේ පැවැත්මට ය. නිපැත්මට නො වේ. අවිද්‍යායෙන් සංස්කාර උපදින්නේය යි අර්ථ නො ගත යුතු. අවිද්‍යාව ඇති බව හේතු කොටැ ගෙන සත්ත්‍වයන් විසින් කරනු ලබන යහපත හේ අයහපත සංස්කාර හෙවත් කර්ම වන්නේය යි අර්ථ ගත යුතු. ව්‍යතිරෙක ක්‍රමය බලනු. අවිද්‍යාව නැත්නම් සංස්කාර ද නො වන්නේ ය. රහතන්ට අවිද්‍යාව නැත. එ බැවින් රහතන් විසින් කරනු ලබන යහපත වේවා, අයහපත වේවා, සංස්කාර හෙවත් කර්ම නො වන්නේ ය. එබැවින් ම එය ක්‍රියා යයි කියනු ලැබේ."
අකුසල් මූල: අවිද්‍යාව ද අකුසල මූලයක් වන අතර, අවිද්‍යාවෙන් තොරව අනෙකුත් අකුසල් මූල දෙක හටගන්නේ ද නැත.
"ලෝභ - දෝස - මෝහ යන තුන අකුශල හේතු ය. එක් සිතක ලැබෙන්නේ ඒවායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒකහේතුක, ද්විහේතුක අකුසල මිස ත්‍රිහේතුක අකුසල් නැත. අලෝභාදි හේතු තුන, කුශල හේතු ද වේ. කුශලාකුශල නො වන (අව්‍යාකෘත) හේතු ද වේ. සමහර සිතක අලෝභාදි හේතු තුන ම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන් ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත."
ප්‍රත්‍ය මූල: "සංස්කාර ධර්මයන් ඇති කරවන හේතූන්ට ප්‍රත්‍යය යන නාමය ද කියනු ලැබේ. ආර්‍ය්‍ය සත්‍ය ක්‍රමය ය, ප්‍රතීත්‍ය සමුත්පාද ක්‍රමය ය, ප්‍රස්ථාන ක්‍රමය ය කියා ක්‍රම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උත්පත්ති හේතූන් දේශනය කොට ඇත්තේ ය. එයින් ආර්‍ය්‍ය සත්‍ය ක්‍රමය ඉතා කෙටි ක්‍රමය ය. ප්‍රතීත්‍ය සමුත්පාද ක්‍රමය මධ්‍යම ක්‍රමය ය. ප්‍රස්ථාන ක්‍රමය විස්තර ක්‍රමය ය."
"ප්‍රත්‍යය යනු පහළ නො වූ ධර්මයක පහළ වීමට ද, පහළ වූ ධර්මයන් පරම්පරා වශයෙන් වැඩීමට ද, පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් පැවතීමට ද උපකාරක ධර්මය ය. පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ සකල ධර්මයෝ ම යම් කිසිවකට ප්‍රත්‍යය වන්නෝ ය. ප්‍රත්‍යය නො වන කිසි ධර්මයක් ලෝකයෙහි නැත්තේ ය."
අව්‍යාකෘත:
"2. මේ හේතු සය අතුරෙන් ලෝභ, දෝස, මෝහ අකුසල හේතු ය. මොව්හු අකුසල් සිත්හි විධි වූ පරිදි යෙදෙමින් ඒ අකුසල් ස්ථිර බවට පමුණුවති. අලෝභ, අදෝස, අමෝහ කුසල අව්‍යකෘත හේතු ය. මොව්හු කුසලාදි සිත්හි යෙදෙමින් ඒ සිත් ස්ථිර බවට පමුණුවත්. (මොවුන්ගේ ආකාර චෛතසික පාදයෙහි 4 වන, 5 වන පාඩම්වල බලනු.) අකුසල හේතු කුසල අව්‍යාකෘත සිත්හි ද කුසල අව්‍යාකෘත හේතු අකුසල සිත්හි ද කිසිවිටෙක නො යෙදෙත්. අව්‍යාකෘත නම් මෙහි විපාක සිත් හා ක්‍රියා සිත් ය."
අඤ්ඤමඤ්ඤ:
# පටිච්චසමුප්පාදය ඉතාම සූක්ෂ්ම සහ ගැඹුරු විද්‍යාවකි. එහි සඳහන් ධර්මානුකූල කරුණු පෙළගැස්මට ("මේ පටිච්ච සමුප්පාදයෙහි කාල තුනක් ද, අඞ්ග දොළොසක් ද, ආකාර විස්සක් ද, සන්ධි තුනක් ද, කොට්ඨාස සතරක් ද, වෘත්ත තුනක් ද, මූල දෙකක් ද ඇත්තේ ය. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම සම්පූර්ණ වීමට ඒවා ද දත යුතු ය.") අමතරව තමාගේ ඥානය සහ ධර්මඥානය අනුව නොයෙක් ආකාරයෙන් ම සහසම්බන්ධතා ගොඩනගා, ඉහත ඔබගේ මාතෘකා සම්බන්ධයෙන් පෞද්ගලික ධර්මානුකූල විවරණයක් තම තමාට සිදු කළ ගත හැකි බව ද සිතේ.
# "පටිච්ච සමුප්පාදං යනු ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයයි. අවිජ්ජා ආදී ප්‍රත්‍ය ධර්මයෝ පටිච්ච සමුප්පාද නම් වේ. එය කෙසේ දැනගත යුතුද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්ද, එහෙයින් මෙහි ජරාමරණයට මේ ජාතියම හේතු වේ. මෙයම නිදාන වේ. මෙයම සමුදය වේ. මෙයම ප්‍රත්‍ය වේ. සංස්කාරයන්ට යම් අවිද්‍යා ආදියක් වේ නම් එයට හේතුව ද්වාදස වේ.
එය දොළොස් වැදෑරුම්ය. ද්වාදස වූ ප්‍රතීත්‍ය සමුත්පාදය යනු එහි වචනාර්ථ යි. ප්‍රත්‍ය සමූහය ඔවුනොවුන් නිසා සමව සංඛාරාදි ප්‍රත්‍යයොත්පහන ධර්මයන් උපදවන හෙයින් පටිච්චසමුප්පාදය යි දේශනා කළහ. තවද හේතු කොටගෙන අවබෝධ කළයුතු බැවින්, අවබෝධ කළයුතු ප්‍රත්‍යයන්ගේ උත්පාදය පටිච්චසමුප්පාද නම් වේ. ඵලයක් උපදවීමට සමත් වූයේ හේතු නම් වේ. අවබෝධ කරගන්නට සුදුසු වූයේ පටිච්ච නම් වේ. මැනවින් තෙමේ ම උපදවානුයි සමුප්පාද නම් වේ. ප්‍රත්‍යයම සමුප්පාද වේනුයි පටිච්චසමුප්පාද නම් වේ."
# {"ND පච්චය This term occurs often in the old sutta texts in such expressions as: ' ko hetu, ko paccayo', ' yaṃ yad eva paccayaṃ paṭicca uppajjati viññāṇaṃ ', etc., or as abl. adverb in ' avijjāpaccayā saṅkhārā '. All the 24 paccaya are for the first time enumerated, explained and applied to the phenomena of existence in the Abh. Canon (Patth). Of these 24 paccaya, 5 are already mentioned in Pts.M. (II, 49-54, 59f., 72-77), namely, sahajāta-, aññamañña-, nissaya-, saṃpayutta-, vippayutta-paccaya.
1. Hetu is already used in the sutta texts as 'condition' in a general and indefinite way, as a synonym of paccaya. In the sense of kusala and akusala roots (mūla ; s. M. 9), however, it is only found in the Abh. Canon and Com. ..."}