Q. බෞද්ධ කොඩිය බාවිතය සහ එසේ නොකල යුතු අවස්තා, අවබාවිතයන් මොනවාද? පැහැදිලි කරන්න. සමහරු තැන තැන කොඩි එල්ලා ඒවා දිරා පත්වීමට හැර තිබෙනවා.
A. බෞද්ධ ධජය නිර්මාණය කර ඇත්තේ, බුදු හිමියන් විසින් ධර්මයේ අතිගාම්භීරතම කොටස (අභිධර්මයේ "පට්ඨාන ප්‍රකරණය") මෙනෙහි කරන විට දී, බුදු හිමියන්ගේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් නික්මුණ සවණක් ඝන බුද්ධ-රශ්මිය සංඛේතවත් කරමින් බැවින්, (එය සර්වඥතා ඥානයේ පිළිබිඹුවක් බැවින්,) විශේෂයෙන් ම බෞද්ධ ධජය නොමනා ලෙසින් භාවිතා කිරීම බුද්ධ-ඤාණයට (සර්වඥතා ඥානයට) කරන අගෞරවයක් සේ සලකා, එය ඉතා ගෞරවයෙන් බෞද්ධාගමික උත්සව / අවස්ථාවල දී පමණක් ම භාවිතා කළ යුතු අතර, එසේ නොවන අවස්ථාවලදී ද (සර්වඥතා ඥානයට කෙරෙන ගෞරවාදරය සළකා,) ඉතා ගෞරවයෙන් - සුරක්ෂිත ව - මනා ලෙස - උචිත ස්ථානයක - පූජනීය ලෙස තැන්පත් කොට තැබිය යුතු ය.
R. # "සතරවන සතියෙහි වනාහි වයඹදිග රුවන්ගෙයි වැඩහුන් සේක. රුවන් ගෙය සත්රුවන්මුවා ගෙයක් නොවේමය. සප්තප්‍රකරණයක් සම්මර්ශනය කළ ස්ථානය වනාහි රුවන්ගෙය යැයි දතයුතුයි. එහිදී ධම්මසංගණිය සම්මර්ශනය කරන්නා වූ ද බුදුන්ගේ ශරීරයෙන් රශ්මි නො නික්මිණ. විභංග ප්‍රකරණය, ධාතුකථාව, පුද්ගල ප්‍රඥප්තිය, කථාවස්තු ප්‍රකරණය සහ යමක ප්‍රකරණය යන මේවා සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් රශ්මි නො නික්මිණි. යම් අවස්ථාවකදී වනාහි මහා ප්‍රකරණයට බැස ‘හෙතුපච්චයො, ආරම්මණ පච්චයො -පෙ- අවිගත පච්චයො’ යනුවෙන් සම්මර්ශනය පටන්ගත් සේක් ද? ඉක්බිති සූවිසි සමන්තපට්ඨානය සම්මර්ශනය කරන්නා වූ උන්වහන්සේගේ සර්වඥතා ඥානය නිරන්තරවැ මහා ප්‍රකරණයේ අවකාශ ලැබීය. යම්සේ තිමිරපිංගල මහාමත්ස්‍යයා වනාහි අසූහාර දහසක් යොදුන් ගැඹුරැති මහා සමුද්‍රයෙහිම අවකාශ ලබයිද? මෙපරිද්දෙන් සර්වඥතා ඥානය ඒකාන්ත වශයෙන් මහා ප්‍රකරණයෙහි අවකාශ ලැබීය.
මෙසේ අවකාශ ලද සර්වඥතා ඥානයෙන් සුවසේ ඉතා සියුම්ව ධර්මය සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වශයෙන් සවනක් රැස් නික්මිණ. කෙස් රවුලු මෙන්ම ඇස්වල නිල් තැන්වලින් නිල් රැස් නික්මිණ. ඒවායේ වශයෙන් අහස්තලය අඳුන් සුනින් ගැවසුණාක් මෙන් ද, දියබෙරලිය මල් නිලු පුල්පෙත් ගැවසුණාක් මෙන් ද විසිරෙන්නා වූ මිණි තල්වැටක් මෙන් ද දිගහරින ලද නිල්පටක් මෙන් ද විය.
සිවියේ මෙන්ම ඇස්වල කහවන් තැන්වලින් කහවන් රැස් නික්මිණ. ඒවා විසින් රන්දිය දහර ඉසින්නාක් මෙන් ද දිගහරින ලද රන්පට මෙන් ද, කොකුම්සුනු, කිණිහිරි මල් ගැවසුණාක් මෙන් ද බැබළිණ.
මස් ලේවලින් මෙන්ම ඇස්වල රතුපැහැ තැන්වලින් ද ලෝහිත රශ්මි නික්මිණ. ඒවා විසින් දිසාභාග සින්දූර සූත්‍රයෙන් රඳනා ලද්දක් මෙන් ද මනාව පැසවන ලද ලතුරස ඉසින්නාක් මෙන් ද රතු කම්බිලියකින් වටකරන ලද්දක් මෙන් ද බදුවදමලින් පිරිබඩ කළ බදුවදමලින් විසුරුවන ලද්දක් මෙන් ද බැබළිණ.
ඇටවලින් මෙන්ම දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදුරැස් නික්මිණ. එයින් දිසාභාග රිදී කළයකින් වත්කරනු ලබන ක්‍ෂීරධාරා විසුරුණාක් මෙන් ද දිගහරින ලද රිදීපටින් කළ වියනක් මෙන් ද දිගහැරෙන රිදී තල්වැටක් මෙන් ද කොඳකුමුදු තික සමන් බෝලිද්ද ආදී කුසුමින් ගැවසුණා මෙන් ද බැබළිණ.
මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින් නික්මිණ. මෙසේ ඒ සවනක් රැස් නික්ම ගන මහපොළව ගත්තේය."
"චතුත්‍ථෙ පන සත‍්තාහෙ පච‍්ඡිමුත‍්තරාය දිසාය රතනඝරෙ නිසීදි – රතනඝරං නාම නෙව සත‍්තරතනමයං ගෙහං. සත‍්තන‍්නං පන පකරණානං සම‍්මසිතට‍්ඨානං රතනඝරන‍්ති වෙදිතබ‍්බං – තත්‍ථ ධම‍්මසඞ‍්ගණිං සම‍්මසන‍්තස‍්සාපි සරීරතො රස‍්මියො න නික‍්ඛන‍්තා. විභඞ‍්ගප‍්පකරණං ධාතුකථං පුග‍්ගලපඤ‍්ඤත‍්තිං කථාවත්‍ථුප‍්පකරණං යමකප‍්පකරණං සම‍්මසන‍්තස‍්සාපි සරීරතො රස‍්මියො න නික‍්ඛන‍්තා. යදා පන මහාපකරණං ඔරුය‍්හ “හෙතුපච‍්චයො ආරම‍්මණපච‍්චයො…පෙ… අවිගතපච‍්චයො”ති සම‍්මසනං ආරභි, අථස‍්ස චතුවීසතිසමන‍්තපට‍්ඨානං සම‍්මසන‍්තස‍්ස එකන‍්තතො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං මහාපකරණෙයෙව ඔකාසං ලභි. යථා හි තිමිරපිඞ‍්ගලමහාමච‍්ඡො චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරෙ මහාසමුද‍්දෙයෙව ඔකාසං ලභති, එවමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං එකන‍්තතො මහාපකරණෙයෙව ඔකාසං ලභි.
සත්‍ථු එවං ලද‍්ධොකාසෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන යථාසුඛං සණ‍්හසුඛුමධම‍්මං සම‍්මසන‍්තස‍්ස සරීරතො නීලපීතලොහිතොදාතමඤ‍්ජිට‍්ඨපභස‍්සරවසෙන ඡබ‍්බණ‍්ණරස‍්මියො නික‍්ඛමිංසු. කෙසමස‍්සූහි චෙව අක‍්ඛීනඤ‍්ච නීලට‍්ඨානෙහි නීලරස‍්මියො නික‍්ඛමිංසු, යාසං වසෙන ගගනතලං අඤ‍්ජනචුණ‍්ණසමොකිණ‍්ණං විය උමාපුප‍්ඵනීලුප‍්පලදලසඤ‍්ඡන‍්නං විය වීතිපතන‍්තමණිතාලවණ‍්ටං විය සම‍්පසාරිතමෙචකපටං විය ච අහොසි.
ඡවිතො චෙව අක‍්ඛීනඤ‍්ච පීතට‍්ඨානෙහි පීතරස‍්මියො නික‍්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා සුවණ‍්ණරසධාරාභිසිඤ‍්චමානා විය සුවණ‍්ණපටපසාරිතා විය කුඞ‍්කුමචුණ‍්ණකණිකාරපුප‍්ඵසම‍්පරිකිණ‍්ණා විය ච විරොචිංසු.
මංසලොහිතෙහි චෙව අක‍්ඛීනඤ‍්ච රත‍්තට‍්ඨානෙහි ලොහිතරස‍්මියො නික‍්ඛමිංසු යාසං වසෙන දිසාභාගා චීනපිට‍්ඨචුණ‍්ණරඤ‍්ජිතා විය සුපක‍්කලාඛාරසසිඤ‍්චමානා විය රත‍්තකම‍්බලපරික‍්ඛිත‍්තා විය ජයසුමනපාරිභද‍්දකබන්‍ධුජීවකකුසුමසම‍්පරිකිණ‍්ණා විය ච විරොචිංසු.
අට‍්ඨීහි චෙව දන‍්තෙහි ච අක‍්ඛීනඤ‍්ච සෙතට‍්ඨානෙහි ඔදාතරස‍්මියො නික‍්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා රජතඝටෙහි ආසිඤ‍්චමානඛීරධාරාසම‍්පරිකිණ‍්ණා විය සම‍්පසාරිතරජතපට‍්ටවිතානා විය, වීතිපතන‍්තරජතතාලවණ‍්ටා විය, කුන්‍දකුමුදසින්‍දුවාරසුමනමල‍්ලිකාදිකුසුමසඤ‍්ඡන‍්නා විය ච විරොචිංසු.
මඤ‍්ජිට‍්ඨපභස‍්සරා පන තම‍්හා තම‍්හා සරීරප‍්පදෙසා නික‍්ඛමිංසු. ඉති තා ඡබ‍්බණ‍්ණරස‍්මියො නික‍්ඛමිත්‍වා ඝනමහාපථවිං ගණ‍්හිංසු."
# "සවණක් රැස් විහිදීම"
# "බුදුරැස් විහිදීම"