Q. ගරුතර ස්වාමීන්වහන්ස,
ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ පහළවීම කියලා කියන්නේ කුමක්ද…?
කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
තෙරුවන් සරණයි!!!
A. සරලව කියන්නේ නම්, මේ භවයෙන් පසු, ඊළඟ-වෙනත් භවයක/තලයක වෙනත් සත්ත්වයෙක් ලෙස ඉපදීමයි - එයට "ජාති(ය)" යන නම ව්‍යවහාර කෙරෙන අතර, මෙහි ප්‍රභේද ද බොහෝ ඇති බැවින්, ඒවා දැන ගැනීමට පහත මූලාශ්‍ර පරිහරණය කරන්න.
# "එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි (අපරිපූර්‍ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වේදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ."
"තත්‍ථ කතමා ජාති: යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති ජාති."
# "එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ."
"තත්‍ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති භවපච්චයා ජාති."
# "“තත්ථ කතමා භවපච්චයා ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභවෝ ආයතනානං පටිලාභෝ. අයං වුච්චති භවපච්චයා ජාති.”
මේ විභංගප්‍රකරණයෙහි භවප්‍රත්‍යයෙන් හටගන්නා ජාතිය විස්තර කර තිබෙන ආකාරය යි. එහි තේරුම :- “එහි ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් පළමු කොට ඉපදීමක් වේ ද? සම්පූර්ණ ඉපදීමක් වේ ද, මවු කුසයට ඇතුළු වීමක් වේ ද, ප්‍රකටව ඉපදීමක් වේ ද, ස්කන්ධයන් ගේ පහළ වීමක් වේ ද, ආයතනයන් ගේ පහළවීම් වශයෙන් ලැබීමක් වේ ද, මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතිය යි කියනු ලැබේ ය” යනු යි. මෙහි කෙටි තේරුම, ඒ ඒ භවයෙහි උපදනා සත්ත්වයන්ගේ පළමු කොට ඉපදීම ජාතියය යනු යි. තවත් ක්‍රමයකින් කියතහොත් ඒ ඒ භවවල පළමු කොට ස්කන්ධයන් පහළවීම ජාතියය යනු යි. මේ පළමු කොට ඉපදීඹ සම්බන්ධයෙන් කිය යුතු විස්තරය, “සංඛාරපච්චයා විඤ්ඤාණං” යන්න විස්තර කිරීමේ දී කියන ලදී.
භවප්‍රත්‍යයෙන් වන්නා වූ මේ ජාතිය උපපත්තිභවයේ ම කොටසකි. එබැවින් ජාතියේ හේතුව වශයෙන් උපපත්තිභවය නො ගත යුතු ය. භව දෙකින් ජාතියට හේතුවන්නේ කර්ම භවය පමණෙකි. එබැවින් “උපාදාන පච්චයා භවො” යන තන්හි භව ශබ්දයෙන් භව දෙක ම නො ගනු ලැබේ. එයින් ගනු ලබන්නේ කර්ම භවය පමණකි."
# "එහි ජාති ආදිය පළමුව:- එහි ජාතිය නම් කවරේද? එය ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වල ඉපදීම පහළවීම යන මේ පද භාජනිය වශයෙන් දතයුතුය.
එහි මේ අර්ථ වර්ණනාවය. තෙසං තෙසං සත්තානං මෙය සංක්‍ෂේපයෙන් නොයෙක් සතුන්ගේ සාධාරණ විස්තරයකි. දේවදත්තගේ ඉපදීම සෝමදත්ගේ ඉපදීම යයි කියන කල්හි සම්පූර්ණ සතුන්ගේ ගැනීමක් නොවේ. සියල්ල පසුව සිදුවේ. මේ පද දෙකෙන් කිසි සතෙක් නොගෙන නැත. පසුව කිසි දැන්වීමක් නොවන්නේ නොවේ. එහෙයින් කියන ලදි. ඒ ඒ සතුන්ගේ තමහී තමහී උපන් ගති වශයෙන් නොයෙක් සත්ත්ව කොටස්වල සාධාරණ විස්තරයයි. සත්ත නිකායෙ යනු සත්වයින්ගේ කොටසෙහි සත්ව සමූහයෙහි යන අර්ථයයි.
ජාති මේ ජාති ශබ්දය නොයෙක් අර්ථ ඇත. එක් ජාතියක ජාති දෙකක මෙය භවයෙහි එයි. ‘විසාඛ, නිගණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත’ මෙය කොටසෙහිය. ‘තිරි නම් තෘණ විශේෂයකි. නැබින් නැගී අහසෙහි ගැටී පැවති සේය.’ මෙහි පැනවීමෙහි. ජාති ස්කන්ධ දෙකක සංගෘහිතය මෙය සංඛත ලක්‍ෂණයෙහි. මහණෙනි, මව්කුස පළමුව උපන් සිතක් පළමු විඤ්ඤාණය පහළවීමයි. එය ගෙන ඔහුගේ ජාති වේ. මෙහි ප්‍රතිසන්ධියයි. ආනන්ද, දැන් බෝධිසත්ත්වයෝ ජාතය, මෙහි ප්‍රසූතයෙහි. ජාතිවාදයෙන්, මෙහි කුලයෙහි. යම් හෙයකින් මම නැගනියෙනි, ආර්ය ජාතියෙහි, මෙහි ආර්ය සීලයෙහි එහෙයින් ජායමානවසෙන මෙහි වෙන්වූ ස්වභාවයෙහි. මනාව ඉපදීම් වශයෙන් සඤ්ජාති උපසර්ගය පදාර්ථය වඩන ලදි. බැසගැනීම් වශයෙන් ඔක්කන්ති. සංජායන අර්ථයෙන් සඤ්ජාති. එය සම්පූර්ණ ආයතන වශයෙන් කියන ලදි. ඔක්කමන අර්ථයෙන් ඔක්කන්ති, එටය අණ්ඩජ ජලාබුජ වශයෙන් කියන ලදි. ඔව්හු බිත්තරයෙන්ද වැදෑමසින්ද බැස ගනිති. බැසගන්නවුන්ද පිවිසෙන්නාක් මෙන් ප්‍රතිසන්ධිය ගනු ලැබේ. අභිනිබ්බත්තන අර්ථයෙන් අභිනිබ්බත්ති, එය සංසේදජ ඕපපාතික වශයෙන් යුක්ත වේ.
දැන් පරමාර්ථ කතා වේ. පරමාර්ථ වශයෙන් ස්කන්ධම පහළ වේ. සත්ත්වයෝ නොවෙති. එහි ඒකවෝකාර භවයක එක් ස්කන්ධයක්ද චතුවෝකාර භවයක ස්කන්ධ සතරක්ද පංචවෝකාර භවයෙහි ස්කන්ධ පහක්ද යන ගණන දැනගත යුතුය. පාතුභාවො උපත, ආයතනං යන මෙහි ඒ ඒ උපදින ආයතන වශයෙන් සංග්‍රහය දතයුතුය. පටිලාභො පරම්පරාව පහළවීමය. පහළවන්නේ ඒවා ලබාගන්නෝ නොවෙති. අයං වුච්චති ජාති මෙය ජාති යයි කියනු ලැබේ. එය වනාහි ඒ ඒ භවයෙහි පළමු ඉපදීම ලක්‍ෂණ කොට ඇත්තේය. අතීත භවයෙන් මෙහි වැටහෙන ආකාරයයි."
"තත්‍ථ ජාතිආදීනි තාව “තත්‍ථ කතමා ජාති? යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාතී”ති ඉමස‍්ස පන පදභාජනීයස‍්ස වසෙන වෙදිතබ‍්බානි.
තත්‍රායං අත්‍ථවණ‍්ණනා – තෙසං තෙසං සත‍්තානන‍්ති අයං සඞ‍්ඛෙපතො අනෙකෙසං සත‍්තානං සාධාරණනිද‍්දෙසො. යා දෙවදත‍්තස‍්ස ජාති, යා සොමදත‍්තස‍්ස ජාතීති එවඤ‍්හි දිවසම‍්පි කථියමානෙ නෙව සත‍්තා පරියාදානං ගච‍්ඡන‍්ති, න සබ‍්බං අපරත්‍ථදීපනං සිජ‍්ඣති. ඉමෙහි පන ද‍්වීහි පදෙහි න කොචි සත‍්තො අපරියාදින‍්නො හොති, න කිඤ‍්චි අපරත්‍ථදීපනං න සිජ‍්ඣති. තෙන වුත‍්තං – “යා තෙසං තෙසං සත‍්තාන”න‍්ති. තම‍්හි තම‍්හීති අයං ජාතිගතිවසෙන අනෙකෙසං සත‍්තනිකායානං සාධාරණනිද‍්දෙසො. සත‍්තනිකායෙති සත‍්තානං නිකායෙ, සත‍්තඝටායං සත‍්තසමූහෙති අත්‍ථො.
ජාතීති අයං ජාතිසද‍්දො අනෙකත්‍ථො. තථා හෙස “එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො”ති (පාරා· 12; ම· නි· 2.257) එත්‍ථ භවෙ ආගතො. “අත්‍ථි විසාඛෙ , නිගණ‍්ඨා නාම සමණජාතිකා”ති (අ· නි· 3.71) එත්‍ථ නිකායෙ. “තිරියා නාම තිණජාති නාභියා උග‍්ගන‍්ත්‍වා නභං ආහච‍්ච ඨිතා අහොසී”ති (අ· නි· 5.196) එත්‍ථ පඤ‍්ඤත‍්තියං. “ජාති ද‍්වීහි ඛන්‍ධෙහි සඞ‍්ගහිතා”ති (ධාතු· 71) එත්‍ථ සඞ‍්ඛතලක‍්ඛණෙ. “යං, භික‍්ඛවෙ, මාතුකුච‍්ඡිම‍්හි පඨමං චිත‍්තං උප‍්පන‍්නං, පඨමං විඤ‍්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස‍්ස ජාතී”ති (මහාව· 124) එත්‍ථ පටිසන්‍ධියං. “සම‍්පතිජාතො, ආනන්‍ද, බොධිසත‍්තො”ති (ම· නි· 3.207) එත්‍ථ පසූතියං. “අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙනා”ති (දී· නි· 1.331) එත්‍ථ කුලෙ. “යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො”ති (ම· නි· 2.351) එත්‍ථ අරියසීලෙ. ඉධ පනායං සවිකාරෙසු පඨමාභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධෙසු වත‍්තති. තස‍්මා ජායමානකවසෙන ජාතීති ඉදමෙත්‍ථ සභාවපච‍්චත‍්තං. සඤ‍්ජායනවසෙන සඤ‍්ජාතීති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. ඔක‍්කමනවසෙන ඔක‍්කන‍්ති. ජායනට‍්ඨෙන වා ජාති, සා අපරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. සඤ‍්ජායනට‍්ඨෙන සඤ‍්ජාති, සා පරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. ඔක‍්කමනට‍්ඨෙන ඔක‍්කන‍්ති, සා අණ‍්ඩජජලාබුජවසෙන යුත‍්තා. තෙ හි අණ‍්ඩකොසඤ‍්ච වත්‍ථිකොසඤ‍්ච ඔක‍්කමන‍්ති, ඔක‍්කමන‍්තාපි පවිසන‍්තා විය පටිසන්‍ධිං ගණ‍්හන‍්ති. අභිනිබ‍්බත‍්තනට‍්ඨෙන අභිනිබ‍්බත‍්ති. සා සංසෙදජඔපපාතිකවසෙන යුත‍්තා. තෙ හි පාකටා එව හුත්‍වා නිබ‍්බත‍්තන‍්ති. අයං තාව සම‍්මුතිකථා.
ඉදානි පරමත්‍ථකථා හොති. ඛන්‍ධා එව හි පරමත්‍ථතො පාතුභවන‍්ති, න සත‍්තා. තත්‍ථ ච ඛන්‍ධානන‍්ති එකවොකාරභවෙ එකස‍්ස, චතුවොකාරභවෙ චතුන‍්නං, පඤ‍්චවොකාරභවෙ පඤ‍්චන‍්නං ගහණං වෙදිතබ‍්බං. පාතුභාවොති උප‍්පත‍්ති. ආයතනානන‍්ති එත්‍ථ තත්‍ර තත්‍ර උප‍්පජ‍්ජමානායතනවසෙන සඞ‍්ගහො වෙදිතබ‍්බො. පටිලාභොති සන‍්තතියං පාතුභාවොයෙව; පාතුභවන‍්තානෙව හි තානි පටිලද‍්ධානි නාම හොන‍්ති. අයං වුච‍්චති ජාතීති අයං ජාති නාම කථියති. සා පනෙසා තත්‍ථ තත්‍ථ භවෙ පඨමාභිනිබ‍්බත‍්තිලක‍්ඛණා, නීය්‍යාතනරසා, අතීතභවතො ඉධ උම‍්මුජ‍්ජනපච‍්චුපට‍්ඨානා, ඵලවසෙන දුක‍්ඛවිචිත‍්තතාපච‍්චුපට‍්ඨානා වා."