Q. තෙරුවන් සරණයි! අක්ඛන සූත්‍රයට අනූව ශාසන බ්‍රහ්මචරියාව යනු කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න.
A. අක්ඛණ සූත්‍රයේ (https://tipitaka.lk/an-8-1-3-9/pali) සඳහන් "බ්‍රහ‍්මචරියවාසාය" යන පදයට අර්ථ නිරුක්තියයක් සූත්‍ර අටුවාවේ (https://tipitaka.lk/atta-an-8-1-3-9/pali) හෝ ටීකාවේ (https://tipitaka.app/?a=nh2-9-si) හෝ දක්නට නොලැබෙන බැවින්, මෙය පහසුවෙන් වටහා ගත හැකි පැහැදිළි අර්ථයක් බව පෙනේ.
කෙසේ වෙතත්, "බ්‍රහ‍්මචරිය" යන වචනය ප්‍රධාන අර්ථ කිහිපයක ම යෙදේ.
1. ලිංගික සේවනයෙන්/ක්‍රියාවලින් වැළකී සිටීම.
2. නිවන අරමුණු කරගත් ත්‍රිශික්ෂා (සීල-සමාධි-ප්‍රඥා) මඟ/වැඩීම = ශාසන බ්‍රහ්ම චර්යාව.
3. එකම අඹු-සැමි හැසිරීම.
4. මාර්ගය.
5. බුදු සසුන.
[පහත මූලාශ්‍ර ඇසුරිණි - එබැවින්, පහත මූලාශ්‍ර පරිහරණය කරන්න!]
R. # "බ්‍රහ්මචරියං යනු මෛථුන විරති බ්‍රහ්මචර්යයයි. ශික්‍ෂාත්‍රයයෙහි යෙදීම් සංඛ්‍යාත සාසන බ්‍රහ්මචර්යය හෝ වේ."
"බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරතිබ්‍රහ‍්මචරියං, සික‍්ඛත‍්තයානුයොගසඞ‍්ඛාතං සාසනබ්‍රහ‍්මචරියං වා."
# "නෙක්‍ඛම්මපොනො නිවන වෙත යොමු වූ චරිස්සති බ්‍රහ්මචරියං පැවිද්ද ශාසන බ්‍රහ්මචරියාව හැසිරෙන්නෝය."
"නෙක‍්ඛම‍්මපොණොති නිබ‍්බානනින‍්නො. චරිස‍්සති බ්‍රහ‍්මචරියන‍්ති පබ‍්බජ‍්ජං සාසනබ්‍රහ‍්මචරියං චරිස‍්සති."
# "බ්‍රහ්මචරියං මෛථුන වැළකීම, මග, සසුන, එකම අඹුසැමි සෑහීමකට පත්වීම යන කරුණුවලට සමානව යෙදේ. ‘බ්‍රහ්මචාරී ආරාචාරී’ යන තන්හි බඹසර හැසිරෙයි. දුරුකොට හැසිරෙයි යනුවෙන් ලිංගික සබඳතාවෙන් වැළකීම අදහස් වේ. ‘ඉදං ඛො පන පඤ්චසිඛ, බ්‍රහ්මචරියං එකන්ත නිබ්බිදාය’, පඤ්චසිඛය, මේ බඹසර හැසිරීම (සසර දුකෙහි) නියත කලකිරීමට හේතු වේ. මේ ආදී තන්හී (පිළිපැදිය යුතු) මගයි. ‘අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත, චතුරංග සමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා’ සාරිපුත්ත, මම සිවු ආකාර වූ බඹසර හැසිරුන බව දනිමි යන තැන මහණදම් පිළිවෙතට අදාළ වේ. ‘තයිදං බ්‍රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච’ මේ බඹසර දියුණුව පිණිස වැඩිදියුණුව යහපත පිණිස පවතී. මේ ආදී තැන සසුන අදහස් වේ."
# "තත්ථ බ්‍රහ්මචරියන්ති මෙථුනවිරතිමග්ගසමණධම්මසාසනසදාරසන්තොසානමෙතං අධිවචනං. “බ්‍රහ්මචාරී”ති එවමාදීසු (ම· නි· 1.83) හි මෙථුනවිරති බ්‍රහ්මචරියන්ති වුච්චති. “ඉදං ඛො පන මෙ පඤ්චසිඛ, බ්‍රහ්මචරියං එකන්තනිබ්බිදායා”ති එවමාදීසු (දී· නි· 2.329) මග්ගො. “අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා”ති එවමාදීසු (ම· නි· 1.155) සමණධම්මො. “තයිදං බ්‍රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්චා”ති එවමාදීසු (දී· නි· 3.174) සාසනං."
# "ඉදං වුච්චති බ්‍රහ්මචරියං යනු මේ ආර්ය වූ සමථ විදර්ශනා සංඛ්‍යාත මාර්ග බ්‍රහ්ම චර්යාව යැයි කියනු ලැබේ."
"ඉදං වුච‍්චති බ්‍රහ‍්මචරියන‍්ති ඉදං අරියං සමථවිපස‍්සනාසඞ‍්ඛාතං මග‍්ගබ්‍රහ‍්මචරියන‍්ති වුච‍්චති."
# "සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්‍හත්‍ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි."
"ඉදං වුච‍්චති බ්‍රහ‍්මචරියන‍්ති. තත්‍ථ බ්‍රහ‍්මචරියස‍්ස ඵලං චත‍්තාරි සාමඤ‍්ඤඵලානි: සොතාපත‍්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත‍්තං අග‍්ගඵලං, ඉමානි චත‍්තාරි බ්‍රහ‍්මචරියඵලානීති. ඉති පුරිමකානි ච ද‍්වෙ සච‍්චානි දුක‍්ඛං සමුදයො ච, සමථො ච විපස‍්සනා ච බ්‍රහ‍්මචරියඤ‍්ච මග්ගො."