291. "අටුවා නය" යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි, අටුවා පරිශීලනයේ දී "අටුවා නය" යනුවෙන් දැක්වෙන්නේ කුමක්දැ'යි පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

A. පෙළෙහි (ත්‍රිපිටකයෙහි) සඳහන් ක්‍රමවේදයට (පාළිනය) මදක් වෙනස් අයුරින් ඇතැම් සුළු ධර්ම කොටසක් ඉපැරණි (බුද්ධ-කාලයේ සිට ම පැවැත එන) අටුවා තුළ වෙනත් ක්‍රමවේදයකට සඳහන් වේ — එය "අටුවා නය" (අටුවානය/අට්ඨකථානය) ලෙස හඳුන්වනු ලැබේ.

නමුත් මෙහි දී කිසිදු පරස්පරයක් (ධර්ම විරෝධයක්) පැන නොනඟී; මන්ද, එම න්‍යායන් (ක්‍රමවේද) දෙක ම වෙන වෙන ම පිළිගනු ලබන නිසාවෙන් නොහොත් සංසන්දනාත්මකව නොබලා ස්වාධීනව ගන්නා බැවිනි.

තවත් මෙවැනි ම ක්‍රමවේද දෙකක් සූත්‍ර ක්‍රමය (සුත්ත පරියාය/සුත්තන්තපරියායො) හා අභිධර්ම ක්‍රමය (අභිධම්ම පරියාය/අභිධම්මපරියායො) වශයෙන් ගනු ලබයි. එනම්, එහි දී ද එම ක්‍රමවේද දෙක ම වෙන වෙන ම පිළි ගනී, නොහොත් සංසන්දනාත්මකව නොබලා ස්වාධීනව පිළි ගනී.

S. "සො පන යස්මා පොරාණට්ඨකථායං ආගතො, තස්මා ආහ “අට්ඨකථානයොති”."


"සො පන පොරාණට්ඨකථායමෙව ආගතත්තා “අට්ඨකථානයො”ති වුත්තො."


"තං පන සබ්බම්පි කෙවලං ආචරියස්ස අබ්භාචික්ඛණමත්තමෙව. අතිගම්භීරස්ස හි අතිගරුකාතබ්බස්ස සුපරිසුද්ධස්ස පිටකත්තයස්ස අත්ථසංවණ්ණනං කරොන්තෙන සුපරිසුද්ධොයෙව පාළිනයොඅට්ඨකථානයො ච පොරාණථෙරවාදා චාති ඊදිසායෙව අත්ථා පකාසෙතබ්බා, ..."


# "තයො අද‍්ධාති තයො කාලා. අතීතො අද‍්ධාතිආදීසු ද‍්වෙපරියායා සුත‍්තන‍්තපරියායොඅභිධම‍්මපරියායො ච. සුත‍්තන‍්තපරියායෙන පටිසන්‍ධිතො පුබ‍්බෙ අතීතො අද‍්ධා නාම. චුතිතො පච‍්ඡා අනාගතො අද‍්ධා නාම. සහ චුතිපටිසන්‍ධීහි තදන‍්තරං පච‍්චුප‍්පන‍්නො අද‍්ධා නාම. අභිධම‍්මපරියායෙන තීසු ඛණෙසු භඞ‍්ගතො උද‍්ධං අතීතො අද‍්ධා නාම. උප‍්පාදතො පුබ‍්බෙ අනාගතො අද‍්ධා නාම. ඛණත‍්තයෙ පච‍්චුප‍්පන‍්නො අද‍්ධා නාම. අතීතාදිභෙදො ච නාම අයං ධම‍්මානං හොති, න කාලස‍්ස. අතීතාදිභෙදෙ පන ධම‍්මෙ උපාදාය ඉධ පරමත්‍ථතො අවිජ‍්ජමානොපි කාලො තෙනෙව වොහාරෙන වුත‍්තොති වෙදිතබ‍්බො."


"අතීතො අද්ධා - යනාදියෙහි පරියාය දෙකකි. සුත්තන්ත අභිධම්ම වශයෙනි. සූත්‍රාන්ත ක්‍රමයෙන් ප්‍රතිසන්ධියට පෙර අතීත කාල නම් වේ. චුතියෙන් පසු අනාගත කාල නම් වේ. චුති පටිසන්ධි අතර කාලය වර්තමාන වේ. අභිධර්ම ක්‍රමයෙන් ක්ෂණ තුනෙහි භංගයෙන් ඉහත අතීතකාල, උපාදයට පෙර අනාගතකාල ක්ෂණ තුනෙහි වර්තමාන කාල වේ. මේ ධර්මවල අතීතාදි භේද වේ. කාලයෙහි අතීතාදි හේද නැත. මෙහි පරමාර්ථ වශයෙන් කාලය අවිද්‍යාමානය. එහෙයින් එය ව්‍යවහාර වශයෙන් කියන ලදැයි දත යුතුය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll