289. කඨින චීවර පූජාව කොපමණ උතුම් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කඨින චීවර පූජාව ආමිස පූජා අතරෙන් ආනිසංස වැඩිම පූජාව මෙන් සදහන් කර ඇත්තේ කොතනද කියා කරුණාවෙන් පෙන්වා දෙන්න.

A. ආමිස පූජාවන්හි වැඩිම ආනිශංස පිළිබඳව සුප්‍රසිද්ධ දක්ඛිණාවිභඞ්ග සුත්‍රයෙහි මොනවට වදාරා තිබේ:

පෞද්ගලික: https://tipitaka.lk/mn-3-4-12/62-4/sinh


# එමෙන් ම, සබ්බදානං ධම්මදානං ජිනාති ලෙස මිසෙක, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති යැයි සඳහන් දේශනයක් නොමැත. එහෙත්, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති වැනි, කඨින චීවර ආනිශංස අතිශෝක්තියෙන් වර්ණනා කරන, ත්‍රිපිටකයෙහි (අටුවා, ටීකාවල) හෝ නොමැති, නාගිත ථේරාපදානය නමැති ඉපැරණි මූලාශ්‍රයක් පදනම් කරගෙන, කඨිනචීවර පූජාව අමුතු ම මානයකට ඇදී යන මේ යුගයේ ධර්ම දානයේ සැබෑ ආනිශංස වටහා ගමු:

[ත්‍රිපිටකයෙහි සඳහන්: නාගිත ථේර ගාථාව සහ එහි වර්ණනාව: https://tipitaka.lk/kn-thag-1-9-5/17-22/sinh / https://tipitaka.lk/atta-kn-thag-1-9-6/sinh]

# {අට මහ කුසල් පිළිබඳව ද ත්‍රිපිටක (අටුවා, ටීකා හෝ) මූලාශ්‍රයක් අපට මෙතෙක් හමු වී නැත.}

"එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. නො අසා එසේ නොකරති. ඉදින් මේ සත්ත්වයෝ ධර්මය නොඅසන්නේ නම් සැන්දක් පමණ බත් හෝ එපමණ කැඳවත් දන් නො දෙති. මේ කරුණ නිසා සියළු දානවලට වඩා ධර්මදානයම ශ්‍රේෂ්ඨ වේ. බුද්ධ - පච්චෙක බුද්ධවරයන් තබා මුළු කල්පයකට වසින වැසි බිඳු ගණන් කිරීමට සමත් ප්‍රඥාවෙන් යුත් සාරිපුත්ත මහතෙරුන් ආදීන් ද තම ධර්මතාව නිසා සෝවාන් ආදී ඵලයන් අවබෝධ කර ගැනීමට නොහැකිවුහ. අස්සජි ආදී තෙරවරුන් දේශනා කරන ලද ධර්මය අසාම සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. මෙසේ අස්සජි තෙරුන් වැන්නෝ ද, බණ අසාම සෝවාන් වූහ. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවක පාරමී ඤාණයම සාක්ෂත් කරන්නාහ. මේ කරුණින් ද මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll