Q. *දෙවියන් ඇතුළු නොපෙනෙන සත්ත්වයන්ගේ හා ශක්තීන් සමඟ බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස ගිහි කෙනෙක් අනුගමනය කල යුතු ආකාරයත්, උපසම්පන්න පැවිද්දෙකු අනුගමනය කල යුතු ආකාරයත් ධර්මානුකූලව හා සාමාජීය වශයෙන් පැහැදිලි කරගැනීමට අවශ්‍යයි.*
A. ගිහි-පැවිදි හෝ වෙනත් කිසිදු භේදයක් නොසළකා, නොපෙනෙන සත්ත්වයන්, බලවේග, ශක්තීන් සමඟ ගනුදෙනු කිරීමට බුදු දහමේ අනුමත ක්‍රම අතර මූලිකත්වය හිමි වනුයේ: සුදුසු පරිදි දෙවියන් පිදීම; (දෙවියන් ඇතුළු සියලු ම සත්ත්වයන් හට) පිං අනුමෝදන් කිරීම, ස්තුති පූජා පැවැත්වීම; බොහෝ කොට මෙත් වැඩීම ආදිය යි.
මීට අමතරව, අමනුෂ්‍ය උපද්‍රව ඇත්නම්: මැනවින් සිල් සුරැකීම; නව අරහාදී බුදුගුණ පාඨය වැන්නක් මන්ත්‍රයක් ලෙස භාවිතා කිරීම; ඉන්ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපතී ය, චන්දන ය, කාමසෙට්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය, සාතාගිරි ය, හේමවත ය, පුණ්ණක ය, කරතිය ය, ගුළ ය, සීවක ය, මුචලින්ද ය, වෙස්සාමිත්ත ය, යුගන්ධර ය, ... වැනි නාමයක් අරමුණු කොට හඬ නඟා තමාගේ අපහසුතාව පැවසීම ආදිය සිදු කළ හැක.
මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ: දැනට "දේවාල" යැයි කියන ස්ථානවලින් ද සිදු වන්නේ නොයෙක් දුබල හා ප්‍රබල යක්ෂ-භූත-ප්‍රේත ආදී අමනුෂයන් හරහා සිදු කෙරෙන නොයෙක් ක්‍රියාකාරකම් විනා, ඒවා දේව විමාන නොවන බව හා ඒවායෙහි දිව්‍යමය ක්‍රියාකාරකම් නොමැති බව ය. තවද, ඒවා මඟින් තාවකාලික සුවයක් සහනයක් ලැබීමට ඉඩකඩ ඇති'මුත්, එවැනි තැන් සරණයාම බොහෝ අනර්ථකාරී මෙන් ම නැති කරදර කැඳවා ගැනීමක් විය හැක.
# විශේෂයෙන් ම අධ්‍යාත්මික දිවියක් ගෙවන කෙනෙකුන් හට, හිතකාමී මෙන් ම අහිතකාමී අමනුෂ්‍ය කටයුතු, අකටයුතු සිදු විය හැකි අතර, ඒවාට ද ඉහත බුදු දහමේ අනුමත ක්‍රම ම භාවිතා කළ යුතු ය.
# ඔබගේ ප්‍රශ්නයට අදාළ, නොයෙක් අයුරින් කරණු-කාරණා සඳහන් පහත ලිපි ද පරිශීලනය කරන්න: