285. සත්ත්ව පුද්ගල සංඥාවෙන් කළත්, සත්ත්ව පුද්ගල නොවන සංඥාවෙන් කළත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කරුණාවෙන් මෙය පහදා දෙන්න.
 සත්ව පුද්ගල භාවයෙන් සම්මුතික ලෝකයේ අපි ක්‍රියා කරන නිසා/ පංච උපාදානස්කන්ධය නිසා  කර්මය සිද්ධ සිදුවේ.(උදාහරණයක් ලෙස සත්ත්වයෙකුට හිංසා කරන මොහොතේ ඒ සත්වයා කියා සිතෙහි ජනිත වන(  එකම කාසියේ දෙපැත්ත ලෙස )මමද සර්පයාද වී ඇති නිසා කර්මය සිදුවේ. 
(මම සිතාගෙන ඇති පරිදි) බාහිර සතර මහා ධාතුව සර්පයා ලෙස සම්මුතික ලෝකයෙන් ගන්නා නිසා...  
මම කෙනෙකුට පිහියකින් පහර දුනහොත්, සතර මහා ධාතුවක් තුළින් සතර මහා ධාතුවක් ගියද, මගේ සිතෙහි ජනිත වන පංචුපාදානස්කන්ධය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ගන්නා නිසා/ මනුස්සයා වූ පංචුපාදානස්කන්ධයත්, මමද වූයේ එකම පංච උපාදානස්කන්ධය නිසා,මට කර්මය සිදුවේ.
(චේතනාහං භික්කවේ කම්මං වදාමි...යන්නෙන් පැහැදෙන්නේ ද එයමයි කියයි මට සිතෙන්නේ)
එය එසේ නම්, මම රහතන් වහන්සේ නමකට හිරිහැරයක් කරන්නේ නම්,මගේ හිතේ පහළ වෙන්නේ මනුස්සයෙකු යන සංඥාවක් මිස රහතන් වහන්සේ නමක් යැයි නොදන්නා නිසා,කර්මය සිදුවන්නේ මගේ සිතෙහි වැරදි ලෙස ගන්නා සත්ව පුද්ගල ආත්ම භාවය නිසා නම්,මගේ සිතෙහි ඇති කරගත් පංචුපාදානස්කන්ධයට එහා ගිය/ වෙනත් වූ කර්මයක් ජනිත වන්නේ කෙසේද?
 වෙනත් ආකාරයකින් කියනවා නම්, මාගේ චේතනාව මිනිසෙකුට දානයක් දීම වුවද, ඒ රහතන් වහන්සේ වහන්සේ නමක් වුවහොත් මට කර්මය ප්‍රබල වේ.නමුත් මා නොදනී.මගේ සිතේ පහළ වූ පංචුපාදානස්කන්ධය මනුස්සයෙකු පමණයි. 
එය එසේ නම්, බාහිර සතර මහා ධාතුවත් /එම බාහිර(සර්පයා සහ රහතන් වහන්සේ) සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින පංචුපාදානස්කන්ධයත්, මගේ හිතේ ජනිත වන පංචුපාදානස්කන්ධයත් අතර සම්බන්ධතාවයක් තිබේද?
රහතන් වහන්සේ වුවද, එයද බාහිර සතර මහා ධාතුවනම්, උපාදාය රූපය නිසා මම ජනිත කරගන්නා පංචුපාදානස්කන්ධය මිනිසෙකු නම්,  මගේ සිතෙහි ජනිත වන පංචුපාදානස්කන්ධයත්,  රහතන් වහන්සේගේ ස්කන්ධ හෝ සර්පයාගේ පංච උපාදානස්කන්ධ අතර ස්කන්ධ අතර අතර සම්බන්ධතාවය කුමක්ද?
මම ඇසීමට උත්සාහ කරන දේ  නියමාකාරයෙන් වචනයට නගා ගැනීමට අපහසුය. මම මෙය තේරුම් අරගෙන තිබෙන ආකාරය වැරදි බව මට සිතේ.  මාගේ වැරැද්ද කරුණාවෙන් පෙන්වා දෙන්න.
තෙරුවන් සරණයි!!!

A. සත්ත්ව පුද්ගල සංඥාවෙන් කළත්, සත්ත්ව පුද්ගල නොවන සංඥාවෙන් කළත්, සිතේ උපදින යම් කිසි ශක්ති විශේෂයක් (ජවන සිත්) නිසා (සාමාන්‍ය අයට) කර්ම සකස් වෙනවා.
කර්ම සකස් වෙන්න බලපාන/උපකාරවන ප්‍රති පාර්ශවයේ ඇති ශක්තීන්වල අඩු වැඩි භාවය (ගුණ මහත්වය හෝ ගුණ හීනත්වය) මත කර්මයන්ගේ ප්‍රබලතාව අඩු වැඩි වෙනවා.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll