284. ප්‍රසාද හා භවාංග සිත සම්බන්ධ වන්නේ කුමකින් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චක්ඛු ප්‍රසාදයේ රූපයක් ගැටීම නිසා භවාංගය චලනය වීමට නම්, ඒ දෙක සම්බන්ධවී තිබිය යුතුයි. එසේ සම්බන්ධ වන්නේ කුමක් මගින්ද..?

A. චක්ඛු ප්‍රසාදයේ රූපය ගැටීම නිසා නොවේ භවාංග චලනය සිදුවන්නේ, භවාංග චලනය සිදුවන්නේ භවාංග සිත් පරම්පාරාවේ රූපච්ඡායාව ගැටීමෙනි.

[චක්ඛු ප්‍රසාදයේ රූපය ගැටීම සිදු නොවුණේ නම් භවාංග චලනය සිදුවන්නේ ද නැති බව සැබෑවකි; එහෙත් එම ක්ෂණයෙහි ම භවාංග සිත් පරම්පාරාවේ ද රූපච්ඡායාව නොගැටෙන්නේ නම් භවාංග චලනය සිදු නොවන බවයි මා පවසන්නේ.]

S. ... කැඩපත ඉදිරියට පැමිණෙන වස්තූන් ගේ ඡායා එහි පහළ වන්නාක් මෙන් ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. එයට ඇස හා රූපයන් ගේ ගැටීමය යි කියනු ලැබේ. ඇසෙහි ගැටෙන්නා වූ රූපච්ඡායාව එකෙණෙහි ම භවාංග සන්තතියෙහි ද ගැටේ. ඒ හේතුවෙන් භවාංග චිත්තයේ ප්‍ර‍කෘතිය මඳක් වෙනස් වේ. එයට භවාංග චලනය යි කියනු ලැබේ.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll