Q. "පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්සා" පඤ්ඤවන්තයා කව්ද යන්න පහදා දෙන්න.
[පඤ‍්ඤාවතො අයං ධම්මො, නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සාති.
පඤ‍්ඤවතො අයං ධම්මො නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සාති.
“පඤ‍්ඤවන‍්තස‍්සායං ධම‍්මො, නායං ධම්මො දුප‍්පඤ‍්ඤස‍්සා”ති
A. # පඤ්ඤචතො කම්පල ඇදහීමේ ප්‍රඥාවෙන් පැනවත්වූ පුද්ගලයාගේයි.
පඤ‍්ඤවතොති කම‍්මස‍්සකතපඤ‍්ඤාය පඤ‍්ඤවතො.
# එහි කර්‍මස්වකෘතඥාන කවරෙ යත්: ‘දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, පූජායෙහි ඵල ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මව් ඇත, පියා ඇත, ඕපපාතිකසත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි යම් මෙ බඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘කර්‍මස්වකෘතඥාන’ යි කියනු ලැබේ. සත්‍යානුලෝමිකඥානය තබා සියලු ම සාස්‍රවකුශලප්‍රඥාව කර්‍මස්වකෘතඥාන නම.
කම්මස්සකතාපඤ්ඤාති “අත්ථි දින්නං, අත්ථි යිට්ඨ”න්තිආදි (ම· නි· 1.441; විභ· 793) නයප්පවත්තං ඤාණං. යථාහ විභඞ්ගෙ –
“තත්ථ කතරං කම්මස්සකතාඤාණං, අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො…පෙ… ඨපෙත්වා සච්චානුලොමිකං ඤාණං සබ්බාපි සාසවා කුසලා පඤ්ඤා කම්මස්සකතාඤාණ”න්ති (විභ· 793).
# යමෙක් අනන්‍ය සාධාරණ මහා කරුණා, සබ්බඤ්ඤුත ඤාණ ආදී ගුණ විශේෂ යෝග්‍ය කරණ කොටගෙන දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුතු, නැමදිය යුතු භාග්‍යවත් වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූයේද ලෝකයේ ඒ උතුම් පුද්ගලයාට දැන් අප විසින් බෙදිය යුතු හාර නය පට්ඨාන විමසීම්වලට විෂය වූ මේ සාසනය ආදි කල්‍යාණත්වය ආදී ගුණසම්පත්තිය නිසා ශ්‍රේෂ්ඨ වූයේ ද අග්‍ර වූයේ ද උතුම් වූයේ ද වේ. සියුම් නුවණට ගෝචරවන බැවින් පණ්ඩිතවේදනීය ද වේ. යන මෙය කියන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ එක් ගාථා මාත්‍රයක් පමණක් වූ වචනය ද සත්‍ය, පටිච්ච සමුප්පාද, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය, සතිපට්ඨාන ආදී ස්වභාව ධර්ම වෙන් කිරීමට සමත් බැවින් සොළසහාර පංචනය, දහසය හා විසිඅට වැදෑරුම් පට්ඨාන විමසීමට සුදුසු බැවින් ද ඉතා ගැඹුරු වූ, අර්ථ වශයෙන් ගැඹුරු වූ පරතෙරක් නැති ඉතා සියුම් වූ විෂයක්මය. එහෙයින්ම මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාය. මෝඩයන් සඳහා නොවේ යැයි කියන ලදි. එසේ නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය දන්නා ක්‍රමයෙන් ලක්‍ෂණයන් අවබෝධ කිරීම් ප්‍රතිපත්තියෙන් සුඤ්ඤත මුඛාදියෙහි බැසගත යුතු බැවින් මෝඩයන්ට සිහිනෙන්වත් විෂය නො වන්නේය යන අර්ථයෙන් විදූහි ඤෙය්‍යං යැයි කියන ලදි. එසේම ‘එතු විඤ්ඤූ පුරිසො’ යනාදිය කියන ලද්දේය.
ඉදං වුත‍්තං හොති – යො අනඤ‍්ඤසාධාරණමහාකරුණාසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණාදිගුණවිසෙසයොගෙන සදෙවකෙන ලොකෙන පූජනීයො නමස‍්සනීයො ච භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො, තස‍්ස ලොකෙ උත‍්තමපුග‍්ගලස‍්ස එතං ඉදානි අම‍්හෙහි විභජිතබ‍්බහාරනයපට‍්ඨානවිචාරණවිසයභූතං සාසනං ආදිකල්‍යාණතාදිගුණසම‍්පත‍්තියා වරං අග‍්ගං උත‍්තමං නිපුණඤාණගොචරතාය පණ‍්ඩිතවෙදනීයමෙවාති. භගවතො හි වචනං එකගාථාමත‍්තම‍්පි සච‍්චපටිච‍්චසමුප‍්පාදඛන්‍ධායතනධාතින්‍ද්‍රියසතිපට‍්ඨානාදිසභාවධම‍්මනිද‍්ධාරණක‍්ඛමතාය සොළසහාරපඤ‍්චනයසොළසඅට‍්ඨවීසතිවිධපට‍්ඨානවිචාරයොග්‍යභාවෙන ච පරමගම‍්භීරං අත්‍ථතො අගාධපාරං සණ‍්හසුඛුමඤාණවිසයමෙවාති. තෙනෙවාහ – “පඤ‍්ඤවන‍්තස‍්සායං ධම‍්මො, නායං ධම්මො දුප‍්පඤ‍්ඤස‍්සා”ති (දී· නි· 3.358; අ· නි· 8.30). අථ වා භගවතො සාසනං පරිඤ‍්ඤාක‍්කමෙන ලක‍්ඛණාවබොධප‍්පටිපත‍්තියා සුඤ‍්ඤතමුඛාදීහි ඔගාහිතබ‍්බත‍්තා අවිඤ‍්ඤූනං සුපිනන‍්තෙනපි න විසයො හොතීති ආහ – “විදූහි ඤෙය්‍ය”න‍්ති. තථා ච වුත‍්තං – “එතු විඤ්ඤූ පුරිසො”තිආදි.
# යෝජිත ලිපි:
# අමෝහය
අමෝහය ශෝභන සාධාරණ චෛතසිකයන්ට අයත් නො වතුදු මෙහිදී ම කී කල්හි සුඛාවබෝධ වන බැවින් එය ද මෙතැන්හි දක්වනු ලැබේ. ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නා වූ මෝහයට ප්‍රතිපක්ෂ වූ නිවැරදි ලෙස ආරම්මණ තත්ත්වය ගන්නා වූ හෙවත් නො වරදවා ආරම්මණ තත්ත්වය ගැනීමට උපකාර වන්නා වූ ස්වභාවය අමෝහය ය. ප්‍රඥාව යනු ද විද්‍යාව යනු ද එහි නාමයෝ ය. මේ අමෝහය, ආර්‍ය්‍ය සත්‍යාදිය වසා ලන මෝහාන්ධකාරය දුරලන ආලෝකයකි.
අලෝභාදි ධර්ම තුන අතුරෙන් අලෝභය මසුරු බවට ප්‍රතිපක්ෂ ය. අදෝසය දුසිල් බවට ප්‍රතිපක්ෂ ය. අමෝහය කුශල ධර්ම විෂයෙහි අභාවනාවට ප්‍රතිපක්ෂ ය. තව ද ආලෝභය දාන හේතුව ය. අදෝසය ශීල හේතුව ය. අමෝහය භාවනා හේතුව ය. තව ද ලෝභියා ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් පමණ ඉක්මවා උසස් කොට සිතන්නේ ය. අලෝභය කරණ කොට පමණ නො ඉක්මවා සිතන්නේ ය. දුෂ්ට පුද්ගලයා අනුන් ගේ මහත් වූ ගුණය ද සුලු කොට සලකන්නේ ය. අදෝසය කරණ කොට ගෙන ගුණයෙන් අඩු නො කොට ඇති සැටියට ගන්නේ ය. අමෝහය කරණ කොට ගෙන කාරණය නො වරදවා ගන්නේ ය. තව ද අලෝභයෙන් ඇත්තා වූ වරද වරදක් ලෙස පිළිගනී. ලෝභී පුද්ගලයා විද්‍යමාන දෝසය වසයි, සඟවයි. අදෝසයෙන් විද්‍යමාන ගුණය ගුණ වශයෙන් පිළිගනී. දුෂ්ට පුද්ගලයා ඇති ගුණය මකයි. අවලංගු කරයි. අමෝහයෙන් ඒ ඒ දෙය ඇති සැටියට ගැනීමෙන් සත්‍යයෙහි පිහිටයි. මෝහය ඇත්තේ අසත්‍ය සත්‍යය ලෙස හා සත්‍යය අසත්‍යය ලෙස ද ගනී. තව ද අලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුඃඛය නො වේ. අදෝසය නිසා අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය නො වේ. අමෝහය නිසා කැමති දෑ නො ලැබීමේ දුක නො වේ. තව ද අලෝභය නිසා ජාති දුක නො වේ. අලෝභය ජාති දුඃඛයට හේතු වන ලෝභයට ප්‍රතිපක්ෂ හෙයිනි. අදෝසය නිසා ජරා දුඃඛය නො වේ. ද්වේෂය අධික වූයේ ඉක්මනින් ජරාවට පත් වේ. අමෝහය නිසා මරණ දුඃඛය නො වේ. සම්මෝහ මරණය මහ දුකකි. එය නුවණැත්තාට නො වේ. තව ද අලෝභය නිසා ගෘහස්ථයන්ට සුවසේ එක් ව විසිය හැකි ය. අදෝසය නිසා පැවිද්දන්හට සුවසේ එකට විසිය හැකිය. අමෝහය නිසා සැම දෙනාට ම සුවසේ විසිය හැකි ය.
තව ද සත්ත්වයෝ බෙහෙවින් ලෝභය නිසා ප්‍රේතව උපදිති. අලෝභය ප්‍රේතත්ත්වයට නො පැමිණීමට හේතු වේ. ද්වේෂය නිසා සත්ත්වයෝ ද්වේෂය මෙන් රෞද්‍ර වූ නරකයෙහි උපදිති. අදෝසය නරකයෙහි නූපදීමට හේතු වේ. මෝහය නිසා සත්ත්වයෝ තිරිසන් බවට පැමිණෙති. අමෝහය තිරිසන් ව නූපදීමට හේතු වේ. තව ද අලෝභය රාග වශයෙන් ආරම්මණය කරා යෑම වළක්වයි. අදෝසය ද්වේෂය කරණකොට ගෙන ආරම්මණයෙන් ඉවත් වීම වළක්වයි. අමෝහය මෝහ වශයෙන් මධ්‍යස්ථ වීම වළක්වයි. තව ද අලෝභය නිසා කාමසුඛල්ලිකානුයෝග අන්තයට නො යෑම වේ. අදෝසය නිසා අත්තකිලමතානුයෝග අන්තයට නො යෑම වේ. අමෝහය නිසා මධ්‍යම ප්‍රතිපදාව ගන්නේ වේ. තව ද අලෝභය නිසා අභිජ්ඣාකායගන්ථයාගේ සිඳීම වේ. අදෝසය නිසා ව්‍යාපාදකායගන්ථයාගේ සිඳීම වේ. අමෝහය නිසා සීලබ්බතපරාමාස ඉදංසච්චාභිනිවෙස කායගන්ථයන්ගේ සිඳීම වේ. තව ද අලෝභය නිසා කායානුපස්සනා සතිපට්ඨානය වැඩේ. අදෝසය නිසා වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩේ. අමෝහය නිසා ඉතිරි සතිපට්ඨාන දෙදෙනා ගේ වැඩීම වේ. තව ද අලෝභය නිරෝගි බවට ප්‍රත්‍යය වේ. අලෝභය නිසා ලෝභනීය වූ අසත්ප්‍රායයන් සේවනය නො කරන බැවිනි. අදුෂ්ට පුද්ගල තෙමේ වහා ජරාවට පමුණුවන ද්වේෂාග්නියෙන් නො දවනු ලබන බැවින් අදෝෂය තරුණ බව කල් පැවතීමට හේතු වේ. මෝඩයා හිතාහිතයන් නො දැන අහිත දෑ සේවනය කිරීමෙන් ඉක්මනින් මරණයට පැමිණේ. නුමුලා වූයේ හිතාහිතයන් දැන අහිතය හැර හිතය සේවනය කිරීමෙන් චිර කාලයක් ජීවත් වේ. තව ද දීම ලැබීමට හේතු වන බැවින් අලෝභය භෝගසම්පත්තියට හේතු වේ. මෛත්‍රිය නිසා මිත්‍රයන් ලබන බැවින් අදෝෂය මිත්‍රසම්පත්තියට හේතු වේ. නුවණැත්තා තමා ගේ යහපත සිදු කර ගන්නා බැවින් අමෝහය ආත්ම සම්පත්තියට හේතු වේ. තව ද අලෝභය දිව්‍ය විහාරයට ද අදෝසය බ්‍රහ්ම විහාරයට ද අමෝහය ආර්ය විහාරයට ද ප්‍රත්‍යය වේ. (අලෝභ අදෝස අමෝහයන් පිළිබඳ වූ මේ විස්තර අත්ථසාලිනී නම් වූ දම්සඟුණු අටුවාවට අනුව ලියන ලදි.)
සිතින් දැන ගන්නවාට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස - වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය ප්‍රඥා චෛතසිකයය. එයට “අමෝහය” යි ද, “විද්‍යාව” යයි ද කියනු ලැබේ.