271. සමලිංගිකත්වය (සමලිඟු රාගය/සමරිසි බව) ගැන දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මට අවශ්‍යයි දැන ගැනීමට, සමලිංගිකත්වය ගැන ධර්මයේ සදහන් කරුනු ගැන? 

1. ඉන් පන්සිල් බිදෙනවද?

2. එවන් අවශ්‍යතා වූ අයට කුමන ආකාරයෙන් ඒ පිලිබදව කියා දිය යුතුද කියා… 

A. 1. නැත.

2. පන්සිල් බිඳෙනවාටද වඩා බරපතල බව කියා දෙන්න.

මන්ද: බුදුදහමේ එය හඳුන්වන්නේ මිථ්‍යා (මිත්‍යා) යන වචනයෙන් ආරම්භ වන, යහ පැවැත්මට විරුද්ධ ස්වභාවයක්; වරදවා ගත් සමාජ විරෝධී හැසිරීමක්; ආචාර ධර්මයන්ට පටහැනි, ප්‍රකෘතිය උල්ලංඝනය කරන (විකෘති) හැසිරීමක් ලෙස ය.

තව ද එය යෙදෙන්නේ ම, අධර්‍මරාගය, විෂමලෝභය යන වදන් දෙක සමග ම ය.

["අධම්මරාගො - මව නැන්දා මවගේ සහෝදරිය, පියාගේ සහෝදරිය ආදීන් කෙරෙහි අයුතු ස්ථානයෙහි රාගය. විසම ලොභො - පරිභොග කටයුතු ස්ථානයෙහි ද අධික ලෝභය. මිච්ඡා ධම්මො - පුරුෂයන්ගේ පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන්ගේ ස්ත්‍රීන් කෙරෙහි (සමලිඟු රාගය) ඡන්දරාගය."

කුමන රටක, කුමන නීතියක් යටතේ හෝ එය සාධාරණීකරණය කිරීමට ගියත්/උත්සහ දරතත්, සංස්කෘතිය හා නීතිය ආදිය මිනිසා විසින් ම තමාගේ අවශ්‍යතාවයන් මත නිර්මාණය කරගත් දේවල් විනා, (ඇතැම්) ඒවා සොබාදහම නොවන බව කියා දෙන්න.

ලිංගික ක්‍රියා යම් විදියකින් හෝ සාධාරණීකරණය කළ හැක්කේ, ඒවා තම වර්ගයාගේ බෝකිරීම, ඉදිරි පැවැත්ම, පාරම්පරික ගලනය (පරම්පරාව ගෙනයාම) උදෙසා විරුද්ධ ලිංගිකයන් සිදුකරන ලිංගික ක්‍රියාවලට (ප්‍රජනන ක්‍රියාවලියට) අයත් නම් ම පමණක් බව ද තරයේ කියා සිටින්න (ධර්මය එයයි / සත්‍ය එයයි / සොබාදහම එයයි / ජීව විද්‍යාව ද එයයි).

S. "වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත්වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට යක්‍ෂයෝ සැඩයකුන් මුදා හරිති. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු දු නොදනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි. මෙ ද එයට ප්‍රත්‍යය වේ."


"මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන මේ තුන් ලාමක ධර්‍ම දුරැලන්නමෝ නම්, මේ කුශලධර්‍මය සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුෂවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය දුරැ ලන්නාහ. අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන තුන් පාපධර්‍ම බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, හවුරුදු විසිදහසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතළිස් දහසකට ආයු ඇතියෝ වන්නාහ."


අධම්මරාගරත්තා යනු රාගය නම් ඒකාන්තයෙන්ම අධර්‍මයකි. තමන්ගේ පිරිකරෙහි උපදිනු ලබන්නේ අධර්‍මරාගය නොවේයයි අදහස් කරනලදී. අනුන්ගේ පිරිකරෙහි උපදිනුලබන (රාගයම) අධර්‍මරාගයයි. විසමලොභාභිභූතා යනු ලෝභයාගේ සමකාලයක් නම් නැත. ඒකාන්තයෙන්ම විෂමය. තමාට අයත් වස්තුවල උපදිනු ලබන්නේ සමලොභය නමි. අනුන්ට අයත් වස්තුවල උපදිනු ලබන්නේම විසමයයි අදහස් කරනලදී. මිච්ඡාධම්මපරෙතා යනු අවස්තු ඇසුරු කිරීම් සංඛ්‍යාතවූ මිධ්‍යාධර්‍මයෙන් යුක්තවූයි.


T. "ධම්ම BUS පු ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය.

ධම්ම BUE (m.) doctrine; nature; truth; the Norm; morality; good conduct.

ධම්ම MS පු ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව."

මිච්ඡා BUS නි අසත්‍යය; බොරුව; වරදවාගත්; සත්‍ය නොවූ.

මිච්ඡා BUE (ind.) untruth; falsehood; false; wrongly; wrong."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll