269. "ආකර්ෂණ නීතිය" හා "රහස" කෙටියෙන්, සරලව, නිවැරදිව ම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආකර්ෂණ නීතිය හා කැමති දේවල් ලබා ගන්නා හැටි එක එක්කෙනා විවිධ විදියට විස්තර කරනවා. එය හරියටම හරියන විදිහ කෙටියෙන් සරලව විස්තර කරන්න පුලුවන්ද?

A. [දැහැමි (ධාර්මික), නිවැරදි, යහපත් අරමුණු සඳහා ම භාවිතා කරන්න.]

ඉතා ම කෙටියෙන්: ඔබට අවශ්‍ය දෙය/කෙනා/අරමුණ, තවමත් ඔබ සතුව නැත යන අදහස/හැඟීම පහළ වන සෑම විටක දී ම, එම වර්තමාන තත්ත්වයන්/අදහස්/හැඟීම් සෑම අතින් ම මුළුමනින් ම නොසලකා, ඒ දෙය/කෙනා/අරමුණ දැනටමත් ඔබ සතුව ඇත යන අදහස්/හැඟීම් පහළ වන ලෙසට සිතින් මවාගෙන (පරිකල්පනය කොට), රස විඳින්න.

සැයු:— මෙම නිර්මාණාත්මක ක්‍රියාවලියේ දී (ද): වචනවල ඇති බලය දුබලය; සිතුවිලි ඇති බලය ප්‍රබලය; හැඟීම්වල ඇති බලය වඩාත් ප්‍රබලය; චිත්ත රූපවල ඇති බලය අති ප්‍රබල ය.

විස්තරාත්මකව: මෙහි දී, ඔබ කළ යුත්තේ ඔබට දිනාගත/ලබාගත යුතු සජීවී හෝ අජීවී අරමුණ (කෙනා හෝ දෙය) ඔබට දැනටමත් ලැබී ඇති බවට හැඟීම් (Feelings) ජනනය/උත්පාදනය කිරීමයි.

දැනටමත් ලැබී නැති දෙයක් දැනටමත් ලැබී ඇති බවට හැඟීම් ජනනය/උත්පාදනය කිරීමට මහෝපකාරී වනුයේ පරිකල්පනය* (මවා ගැනීම/සිතින් දැකීම/දෘෂ්ටිකල්පනය = *Make-believe / Picture / Visualization / Imagination) යි.

# මෙය පහත කෙටි සමීකරණයෙන් ලෙහෙසියෙන් මතක තබා ගත හැක.

අතිප්‍රමුඛ සිතුවිලි + නොසැලෙන විශ්වාසය + (කෘතඥතාව/ස්තුතිය/ඇගයීම/ආදරය) + දැනටමත් සතුබව + පරිකල්පනය*/දෘෂ්ටිකල්පනය* + (දැනටමත් සතු) හැඟීම් = විද්‍යමාන වීම (පහළ වීම).

[Predominant Thoughts + Unwavering Faith + (Gratitude/Thank you!/Appreciation/Love) + Already Have + Imagination / Visualization + (Already Have) Feelings = Manifestation.]

පරිකල්පනය*/දෘෂ්ටිකල්පනය* = පියවි ඇසින් (ඇස්දෙක ඇරගෙන) දකින්නාක් සේ ම, (ඇස්දෙක වසාගෙන වුව ද,) මනසින්/සිතින් (සිහින දකින්නාක් මෙන්) දැකීම.

සවිස්තරාත්මකව: මෙය "ආකර්ෂණ නීතිය" (Law of Attraction) සහ "අභ්‍යුපගමන නිතීය / ආරූඪ නිතීය" (Law of Assumption) ඇසුරින් සරල පියවර 3කින් විස්තර කරන්න පුළුවන්:

[R/S. මූලාශ්‍රය: "රහස" - රොන්ඩා බර්න් මහත්මිය. ("The Secret" - Mrs. Rhonda Byrne.)]

1. නිශ්චිත වීම (Ask - ඉල්ලන්න): ඔබට අවශ්‍ය සජීවී හෝ අජීවී මාර්තෘකාව පිළිබඳව, සවිස්තරාත්මකව (detailed/in detail) පැහැදිලි අර්ථ නිරූපණයක් ඔබ විසින් ම ලබා ගැනීම / ලියා ගැනීම / මනසේ සටහන් කර ගැනීම (mental picture) හා එහි දිනපතා/නිතිපතා ජීවත් වීම. [වර්තමාන කාලය යොදා ගත යුතු ම ය.]

උදාහරණයක්: මං එක දිනකට රුපියල් පන්දහසක ආදායමක් ලබනවා හෝ ලබමින් සිටිනවා.

ඉතා වැදගත්: ඔබට අවශ්‍ය ඉලක්කය මිස, අනවශ්‍ය දේ/කෙනා/අවස්ථා, ඔබ වැළකිය/ඉවත් විය යුතු දේ/කෙනා/අවස්ථා ගැන ඉල්ලීමෙන් (සුපැහැදිලි වීමෙන්) වළකින්න! 

[එවිට ඒවා (ඔබට අනවශ්‍ය දේ) ද ඔබට ආකර්ෂණය වේ (Don't Want Epidemic). ඍණාත්මක දේ වෙනුවට, ධනාත්මක අරමුණු ආකර්ෂණය කර ගැනීමට වග බලා ගන්න!]

2. විශ්වාස කිරීම (Believe - විශ්වාස කරන්න): එසේ අර්ථ නිරූපිතය, ඔබට නිසැකව ම (කෙමෙන් කෙමෙන් හෝ එක් වර ම හෝ) දැන් ලැබෙන බව (you are receiving it now - දැන් ලැබෙමින් පවතින බව) හා දැනටමත් ඔබට ලැබී ඇති බව (you have already received), දැඩි ලෙස ස්ථිරව ම දිගින් දිගට ම (දිනපතා/නිතිපතා, සැබවින් ම/භෞතිකව ඉලක්කයක්/අරමුණක් දිනා ගන්නා තුරු) නොසැලෙන ශ්‍රද්ධාවෙන් (unwavering faith) විශ්වාස කිරීම (believe), ඇදහීම (know), මවා ගැනීම (make-believe), මනසින් දැකීම (visualize), සිහින දැකීම (dream) / පරිකල්පනය කිරීම (visualize/imagine), හා  චිත්‍රණය කිරීම (picture). [වර්තමාන කාලය හා වර්තමාන කාල පරිපූර්ණ ක්‍රියා යොදා ගත යුතු ම ය.

ඉතා වැදගත්: ඔබගේ විශ්වාසය පළුදු වන සෑම විටක දී ම - ඔබ එයට සුදුසු බව අවංකව සිතිය හැකි නම්, එසේ කරන්න. සිතින් මවා ගනිමින් හෝ විශ්වාස කරන්න. ඔබගේ ඉල්ලීම නොපෙනෙන ලෝකය තුළ (in the unseen) ඔබ වෙනුවෙන් දැනටමත් වෙන් වී ඇති බව, ඔබට අයිති වී ඇති බව; සැකසෙමින් පවතින බව, ඔබ වෙත ළඟා වෙමින් පවතින බව, ඔබ වෙත - ඔබට පෙනෙන මානයට/ලෝකයට, ඔබ සන්තකයට ගෙන එන/එමින් තිබෙන (bring it into the seen) බව දැඩිව විශ්වාස කරන්න.

උදාහරණය: ඔබ එක් දිනකට රුපියල් පන්දහසක ආදායමක් දැනටමත් ලබන බව, සිතින් මවා ගනිමින් විශ්වාස කරන්න.

3. හැඟීම් විඳීම (Receive - ලබා ගන්න): එලෙස නොසැලෙන විශ්වාසයෙන් පරිකල්පිත කරන ලද්ද, දැනටමත් ඔබට සැබවින් ම ලැබී (already received) ඇති පරිදි විඳීම (feel) (දැනටමත් ඔබ සතු වී ඇති ලෙසින් හැඟීම් (feelings) ජනනය කිරීම). [වර්තමාන කාල පරිපූර්ණ ක්‍රියා යොදා ගත යුතු ම ය.]

ඉතා වැදගත්: ඔබගේ ඉලක්කය/ඉල්ලීම/අරමුණ ඔබ යම් දිනක සැබවින් ම භෞතිකව දිනාගත් පසු, ඔබ අත් විඳින හැඟීම් සමුදාය, එය/ඒවා එසේ ම (සැබවින් ම භෞතිකව දිනා ගැනීමට පෙරත් අත් විඳින්නට මනස පුහුණු කරන්න) දැන් (now) අත් විඳින්න!

උදාහරණය: ඔබට දිනකට රුපියල් පන්දහසක ආදායමක් සැබවින් ම ලැබුණ/ලැබෙන විට, දැනෙන (සතුට, නිදහස, ආර්ථික සුරක්ෂිත භාවය ආදී) හැඟීම් සමුදාය දැන්, මේ මොහොතේ අත් විඳින්න.

# සටහන: ඉහත ක්‍රමවේදයට අනුව සාර්ථක වීමේ (ඉලක්කයක්/අරමුණක් දිනා ගැනීමේ) කාලය (කාල පරාසය) එකිනෙකාගේ පුණ්‍ය ශක්තිය, පරිකල්පන ශක්තිය, හැඟීම් ජනනය කිරීමේ හා විඳීමේ ශක්තිය, විශ්වාස පද්ධතිය ආදිය මත වෙනස් වන අතර (එබැවින් නිතර ම බලාපොරොත්තු සහගතව ඔබේ ඉලක්කය සමඟ දිනකට විනාඩි කිහිපයක් බැගින් දිගින් දිගට ම රැඳී සිටින්න!); එම නිර්මාණාත්ම ක්‍රම වේදයෙන් (creative process) ළඟා කර ගත නොහැකි අරමුණක් නොමැති වුවත්, ඔබට විශ්වාස කළ හැකි ප්‍රමාණයේ (තරමේ) ඉලක්කයකින් අරඹන්න - කල් යත්-යත් ම අරමුණේ/ඉලක්කයේ/ඉල්ලීමේ ප්‍රමාණය/විශාලත්වය වෙනස් කළ හැක.

උදාහරණය: රුපියල් පන්දහසක ආදායමක් වෙනුවට රුපියල් දහසක් යොදා, අත්හදා බැලිය හැක.

අරමුණ/ඉලක්කය/ඉල්ලීම පහසුවෙන් හා ඉක්මනින් ම ලැබීමට නම්:

I. පළමුව හැකි පමණින්, පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී ම [මුදල් පමණක් ම නොව (මුදල් ද ඇතුළත් ව), හැකි ඕනෑම දෙයක්, අව්‍යාජ අවංක මද සිනහවක්, ආදරණීය-සුහද චරිතයක්/කෙනෙක් ලෙස වුව,  ...] වෙන අයට, සමාජයට ලබා දිය යුතු බවත්; ඔබට හෝ කාට හෝ දැනටමත් (ලැබී) ඇති (count your blessings) දේවල්/ජයග්‍රහණ ආදියට/ඔබේ අරමුණට (එය ලබා දීමට නන් අයුරින් දායක වූ අයට හා විශ්වයට) ස්තුතිවන්ත (Thank You!) විය යුතු බවත්; ආදරය/සෙනෙහස (Love) ලබා දිය යුතු බවත්; (ඔබට හෝ කාට හෝ) ලැබී ඇති දේවල්/ජයග්‍රහණ ආදියට (ඊර්ෂ්‍යා සහගත නොවී,) මෛත්‍රී සහ (විශේෂයෙන් ම) *මුදිතා සහගත විය යුතු බවත්; විශ්වයට, සියල්ලට, සියල්ලන්ට එසේ ස්තුතිවන්ත, මෛත්‍රී/මුදිතා සහගත වීම, ආදරණීය වීම, ආශිර්වාදාත්මක වීම සහ කෘතඥතාව (Gratitude/Thank You!) පළකළ යුතු බව කිව යුතු ම ය.

*මුදිතා = අන් අයගේ සැපතට (ධනය/දේපළ/යාන-වාහන/දක්ෂතා/...) ආදියට හදවතින් ම සතුටු/කැමති වීම.

II. ඉහත පියවර තුන මඟින් යමක්/යමෙක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ ඔබ හා ඔබ ම පමණි - ඔබේ පාරම්පරික/ගතානුගතික (paradoxical/paradigm) සිතුවිලි වෙනස් කර ගැනීම ම පමණි (ඒ හැරෙන්නට ඔබ සතුව මුදල්, ප්‍රාග්ධනය, හැකියාව, බඩු-භාණ්ඩ, ස්ථාන, දැනුම ආදී කිසිවක් තිබිය යුතු නැත). 

එසේ ම, "කෙසේද?" (how is not a part) (එය/එයා ලැබෙන්නේ කෙසේද?/කොහොමද?) වැනි ප්‍රශ්න ඉහත ම පියවර තුනට අදාළ නොවේ. 

උදාහරණය: "දිනකට රුපියල් පන්දහසක/දහසක ආදායමක් සැබවින් ලැබෙන්නේ කෙසේ ද?" යන ප්‍රශ්නය ඔබ ඇසිය යුතු නැත - ඔබ කුමන වයසක..., කුමන තරාතිරමක.., විරැකියාව, උපකරණ/දැනුමේ හිඟ භාවය .... ආදි කිසිවක්/කිසිවෙක් ඔබේ සිහිනය සැබෑ වීමට බාධාවක්/බාධකයක් නොවේ.

III. ඉහත පියවර තුන දැන හෝ නොදැන අනුගමනය කරන ඔබට, ඔබ සුපැහැදිලි කරගත් අරමුණ ළඟා කර ගැනීමට මුළු මහත් විශ්වය ම ඔබට අවනත වන තර ම: 

1. කිසිදු වෙහෙස මහන්සියකින් තොරව ම, ඔබේ අරමුණ ඔබට හිමි/අයිති වේ.

2. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් බොහෝ ලෙහෙසි-පහසු අවස්ථා, සුදුසු/ගැළපෙන පුද්ගලයන් … ඔබට ලැබෙන/හමුවන අතර, ඒවා/ඔවුන් හඳුනාගෙන අවස්ථානුකූලව, ස්ථානෝචිත ප්‍රඥාවෙන්, ඔබේ ඉලක්කය වෙත ගමන් කිරීමට, හඹා යාමට, ලුහුබැඳ යාමට හා ඉලක්කය/අරමුණ අත්පත් කර ගැනීමට ඔබ කාලෝචිත ව පියවර ගත යුතු ය; ක්‍රියා කළ යුතු ය. 

(ඉහත) එකී ක්‍රියා/පියවර/පුද්ගලයන් ඔබව කිසිසේත් ම වෙහෙසට පත් නොකරන අතර, ඔබව පිනවනු ඇත / උද්යෝගිමත් කරනු ඇත / දවස පුරා වුව ම ද කළ හැකි (මුදල් ද උපයා ගත හැකි) ක්‍රියාකාරකම් වනු නිසැකය. (Action vs Inspired Action.)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll