FAQ | Unanswered

පහත ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිරිපුන් පිළිතුරු ලබා ගැනීමට අප හා සම්බන්ධ වෙන්න.

1. මංගල සූත්‍ර ගාථාවක් මනෝවිද්‍යාත්මකව දකිමු ද?
Q. මන්ගල සූත්‍රයේ එන පූජාච පූජනීයානන් යන්නෙහි මනෝ විද්‍යත්මක පැතිකඩ පහදා දෙන්න. බොහෝම පින්!

2. මතකය වැඩ කරන්නේ කෙසේ ද?
Q. මතකය වැඩ කරන්නේ කෙසේද කියා අභිධර්මානුකූලව පැහැදිලි කරන දේශනාවක් හෝ ග්‍රන්ථයක් තිබෙනවා ද?

3. ලග්න ඵලාඵල අසත්‍යයක් බොරුවක් ද?
Q. ලග්න පලාපල මිථ්‍යාවක්ද?

4. පුරාණ තෙරුන් සංගීතිය ප්‍රතික්ෂේප කළේ ඇයි?
Q. පුරාණ තෙරුන් සංගීතිය ප්‍රතික්ෂේප කලේ ඇයි?

5. මුළු මංගල සූත්‍රය ම මනෝවිද්‍යාත්මක ඇසින් දකිමු ද?
Q. මංගල සූත්‍රය මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විස්තර කළ හැකි ද?

6. සමරිසි බව, සමලිංගික ආදරය හා (ලිංගික) හැසිරීම් වැරදි ද?
Q. සමරිසි බව බුදු දහම තුල විග්‍රහ වන්නේ කෙසේද?

7. මුල් කාලීන, මධ්‍ය කාලීන සතරවරන් දෙවිවරු කවුද? 
Q. මුල්කාලීන හා මධ්‍ය කාලීන කියා සතරවරන් දෙවිවරු බෙදා දක්වා තියෙන්නේ කොහොම ද?

8. යමපල්ලන් වී උපදින්නේ කවුද?
Q. යමපල්ලන් වී උපදින්නේ කුමන අකුසල කර්මයකින් ද?

9. පණ්ඩක, උභතෝබ්‍යඤ්ජනක යන අය කවුද?
Q. පණ්ඩක, උභතෝබ්‍යඤ්ජනක යන අය කවුද?
මේ අයට මාර්ගඵල වලට හෝ මහණ කමට යන්ඩ බැරි බව සදහන් වෙනව?
මේ ආත්මයේ දී ඒ අකුසල ගෙවා දමන්ඩ පුලුවන්ද?

10. බුද්ධකාලයෙන් පසුව නිර්මාණය වූ පිරිත් වර්ග මොනවා ද?
Q. බුද්ධකාලයෙන් පසුව නිර්මාණය වූ පිරිත් වර්ග මොනවා ද?

11. ශ්‍රීපා (ශ්‍රීපාද) සටහන් මැකී යන්නට අධිෂ්ඨාන කළේ ඇයි?
Q. බුදුරජාණන් වහන්සේ ඇයි කෙලෙස් සහිත සතුන්ට පාද සටහන් පෑගෙන්නෙ නැති වෙන්ඩ, මැකී යන්ඩ ඕනෙ කියල අධිෂ්ඨාන කරේ?

12. දහස්කඩ සිවුර සහ එහි සුලමුල කුමක් ද?
Q. දහස්කඩ සිවුරු පිලිබද පූර්ණ විස්තරයක් දැන ගැනීමට අවශ්‍යයි.
🔖පූජා ආනිශංස මොනවාද?
🔖විශේෂ වන්නේ ඇයි?
🔖පිලිගත හැකි විශේෂ අවස්ථාවන් පවතීද?
🔖එම සිවුර දැරීම මගින් යම් භික්ෂුන් වහන්සේ නමකට අවැඩක්/අනර්ථයක් විය හැකිද?

13. කංචුක / කප්රුක පූජාව කරන හැටි සහ එහි ආනිශංස?
Q. කංචුක පූජාව (කප්රුක) සඳහා වඩාත් සුදුසු සිවුර ද? බෞද්ධ කොඩිය ද? මෙහි ආනිසංස කවරේ ද?

14. ඒ ඒ කර්ම විපාක(ය) මැඩලන ඒ ඒ අහෝසි කර්ම(ය) කවරේ ද?
Q. අපගේ ජීවිතයේ එකින් එක එන බාධාකාරී පීඩාකාරී දෑ වලට එය අපේ කර්මය යයි කියා සිත හදා ගැනීමට පුරුදුව සිටිමු. නමුත් ඒ බාධා කරදර මැඩ ගැනීමට අප සිදුකර ඇති කර්ම අහෝසි කරගත් හැකි බව දනිමු. එකිනෙකාට බලපාන්නාවූ විවිධ කර්මයන් (සුලු වශයෙන් හෝ) අහෝසි කර ගැනීමට හැකි ආකාර පිළිබඳව දැනුවත් කරන්නේ නම් මැනවි.

15. වාසනාව - අවාසනාව සහ පිං - පව්?
Q. බුදුහාමුදුරුවෝ වාසනාව ගැන මොනවද දේශනා කරල තියෙන්නෙ? ඒක තීරනය වෙන්නෙ අපි කරපු පින් පව් අනුවද? පින් කලා කියල මේ ආත්මයේදී යම් අවාසනාවක් ඇත්නම් එය මගහැරෙයිද?

16. කුමර බඹසර යනු කුමක් ද?
Q. කුමර බඹසර යනු කුමක් ද? එය රකින්නේ කෙසේ ද? එය කැඩෙන්නේ කෙසේ ද? ආදී කුමර බඹසර ගැන සියලු විස්තර දැනගත හැකි ද?

17. ස්වයං වින්දනය වැරදි කාම සේවනයට අයිතියි ද?
Q. මම වැරදිකාම සේවනය කරන්නේ නෑ කියලා බුදු පිලිමයක් ඉදිරියේ පොරොන්දු උනා දැන් ටික දවසකට කලින් මම දැනන් ඉදියේ නෑ ඒ ප්‍රකාශය කරද්දි ස්වයං වින්දනයත් වැරදිකාම සේවනයක් කියලා සමහර බික්ශුන් වහන්සේලා කියනවා ස්වයං වින්දනය ගිහියන්ට පාපයක් නෙවේ කියලා තවත් සමහර අය කියනවා ස්වයං වින්දනය ගිහියන්ට පාපයක් කියලා... ස්වයං වින්දනය මගින් වැරදිකාම සේවනයක් සිදුවනවාද... මට ලොකු මානසික ආතතියක් ඒක් මම මෙවර උසස්පෙල විභහගයට පෙනී සිටිනවා ඒ සදහා පාඩම්වැඩ කිරගැනිමටත් මට මනස නිදහස් කරගන්න බැරුව ඉන්නේ මේ ප්‍රශ්නය නිසා... මට ස්වයං වින්දනයක්වත් සිදු නොකර සිටීම අපහසුකාර්යයක් එහෙත් එය සිදුකරාම මනස වද දෙනවා සිදු කල පොරොන්දුව කැඩුවා කියලා... හැකිනම් මගේ මනස නිරවුල් කරලා දෙන්න ලොකු පිනක් මම පිඩනයෙන් ඉන්නේ මේ ගැටලුව නිසා.

18. අෂ්ට මූල ආයතන මඟින් සිදු වූ සේවාව කුමක් ද?
Q. අශ්ටමූල මූල ආයතනයෙන් බෞද්ධ අධ්‍යාපන නගා  සිටුවීමට වූ සේවාව කුමක් ද?

[“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං;
ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානතං.

පාමොජ්ජබහුලො භික්ඛු, පසන්නො බුද්ධසාසනෙ;
අධිගච්ඡෙ පදං සන්තං, සඞ්ඛාරූපසමං සුඛං. (ධ· ප· 374, 381)

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll