Q. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මම හොස්ටල් එකේ තමයි නැවතිල ඉන්නෙ. ගෙදර ඉන්න කාලෙ උදේ හවස බුදුන් වැන්ද, සමහර දාට භාවනා ඒමත් කතා.ඒත් කැම්පස් යන්න ගත්තට පස්සෙ ඒ වැඩ මගෑරිල. බාවනා කරන්න උනත් බෑ කියල හිතෙනව යාලුවො ඉන්න නිස.එයාල හිනා වෙයි කියල හිතෙනව. කැම්පස් එකේ වැඩත් එක්ක ලොකු මානසික පීඩාවක් දැනෙනව.ඒවයින් මිදෙන්න මට ආගමික පැත්තට නැඹුරු වෙන්න ඕන කියල හිතුනත් මට දේවල් කරගන්න විදියක් නෑ. අනේ මට පුළුවන් කෙනෙක් උපදෙසක් දෙන්නකො. ලොකු උදව්වක්.
A. භෞතිකව කරන සෑම දෙයක් ම මානසිකව කරන්නත් පුළුවන්. එහෙම කරා කියලා පිනේ/කුසලයේ වෙනසක් වෙන්නේ නෑ සිත් සමාන ශක්තියෙන් උපදිනවා නම්. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේට කලින් භෞතිකව වන්දනා-මාන කළ විදිහට ම (හෝ ඊටත් වඩා උසස් ලෙස, විචිත්‍ර ලෙස,) මනසින් බුදුකුටියක් මවා ගෙන බුදුන්-වඳින්න පුළුවන්.
කොහොමත්, ආගමික කටයුතු හා ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුව හොර රහසේ ම (කාටවත් ම — රටට ලෝකෙට පේන්නේ දැනෙන්නේ නැති විදිහට) කරන්න පුළුවන් නම් ඒක තමා හොඳ ම විදිය. තම තමන්ගේ ආධ්‍යාමික ගුණ වගාව හිත ඇතුළේ ම දියුණු කර ගන්න - වෙන අයට පෙන්නන්න යන්න ඕනෙත් නෑ.
භාවනා කරන්න තැනකට වෙලා වාඩිවෙලා ම ඉන්න ඕන නෑ. ඇස් දෙක පියාගෙන ම ඉන්න ඕනෙත් නෑ. (වාඩි වෙලා ඇස්දෙක පියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි - අවශ්‍යයි මිසක, අත්‍යවශ්‍ය නොවේ.) ඕනෑම ඉරියව්වක, ඕනෑම වෙලාවක් (සමථ හෝ විදර්ශනා) "කුසල අරමුණක්" ගැන හිතින් මෙනෙහි කරන්න (දිගින් දිගට හිතන්න) ["භාවෙති කුසලෙ ධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා. - https://tipitaka.app/?a=6i13-64-si"]. භාවනාමය පින/කුසලය ලැබෙනවා එතකොට.
උක්ත මනෝමය ක්‍රියාවලිය පිළිබඳව හොඳ අදහසක් ගන්න පුළුවන් පහත කථාවෙන්: